බිග් බෑෂ් ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් 8ක්

0
12

මෙවර ඕස්ට්‍රේලියානු බිග්  බෑෂ් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක තෝරාගැනීමේ අවස්ථාව සඳහා ශ්‍රී  ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකු තෝරාගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව මෙවර බිග් බෑෂ් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී  ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් මෙන්ම නවක ක්‍රීඩකයින්ද තෝරාගෙන තිබීම විශේෂත්වයකි.

මෙහිදී දිනේෂ් චන්දිමාල්, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, ලක්ෂාන් සඳකැන්, මහීෂ් තීක්ෂණ යන ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් මෙන්ම නවක ක්‍රීඩකයින් වන  දුෂාන් හේමන්ත සහ රුවන්ත කෙල්පොත යන ක්‍රීඩකයින්ද මෙවර බිග් බෑෂ් ලීග් ක්‍රීඩක වෙන්දේසිය සඳහා තෝරාගෙන තිබීම විශේෂත්වයකි.

මෙවර බිග්  ලීග් 12 වැනි අදියරේ ක්‍රීඩක තෝරාගැනීම වෙනුවෙන් රටවල් 19ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 279ක් ඉදිරිපත්ව තිබේ. ඒ අනුව මෙවර ක්‍රීඩක වෙන්දේසියේ විදෙස් ක්‍රීඩකයින් තොරාගැනීමේ පළමු වටය එළැඹෙන 28 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.