පොරක් වෙන්න ඕන මමත්වය  නෙමෙයි,  ඝනත්වය

0
62

තමන්ට තමන් පොරක් වෙන්න කියලා සමාජය අපිට කිව්වට අපි අපිටම කියාගත්තට තමන්ට තමන් පොරක් වීම, කියන කන්සෙප්ට් එක ඇතුළේ බහුතරයක් ශ්‍රී ලාංකන්ස්ලා ෆේල්. එහෙම ෆේල් වෙන්න ගොඩක් වෙලාවට හේතු සාධක වෙන්නේ ඔවුන් ඔවුන්ගේ ජීවිත ඇතුළේ ඇත්තටම පොරත්වය ළඟා කර නොගැනීම නෙමෙයි. පොරත්වය කියන්නේ අප්සෙට් කළ යුතු සංකල්පයක් කියලා හ¾දුනා නොගැනීම, පොරත්වය ගොඩනඟලා ස්ථාවරව පවත්වා ගන්න උත්සාහ නොකිරීම, තම තමන්ගේ පොරත්වය අඛණ්ඩව නඩත්තු නොකිරීම.

එකම එක වතාවක් කවි පොතක් අච්චු ගහලා මොකක් හෝ තමන්ගේ නිර්මාණයක් එළියට දාලා මම දැන් කලාව ඇතුළේ, සාහිත්‍ය ඇතුළේ පොරක් කියලා  ජීවිත කාලෙම නඩත්තු වෙන්න යන චරිත අපිට හමුවෙලා නැද්ද? දුම්වැටියක් උරලා කාගෙම හරි පෝඩ්කාස්ට් එකක් අහලා රැඩිකල් කියන කැටගරියේ පොතක් කියවලා කාගෙම හරි මතවාදයක් වැලඳගෙන මම දැන් පොරක් කියලා පෙන්වන්න දත කන චරිත අපිට හමුවෙලා නැද්ද? තමන්ගේ වෘත්තියේ අඩියක් දෙකක් ඉදිරියට තියලා හොඳ නිලතලයක් වැටුපක් අරගෙන මට දැන් මම පොරක් කියලා සීමා සහිත වුණු චරිත අපිට හමුවෙලා නැද්ද?

පොරත්වය කියන වචනය ඇතුළේ දැනුවත්ව හෝ නොදැනුවත්ව බහුතරය කරන්නේ සීමා සහිත වෙන එක. තමන්ම ගොඩනඟා ගන්න එක්තරා රාමුවකට කොටුවෙන එක. තමන් ස්ථාවරයි කියන සුවපහසු කලාපයක් තමන් තුළ නිර්මාණය කරගන්න එක ඒ කලාපය ඇතුළේ ගොඩක් වෙලාවට ඔවුන් කරන්නේ අසීමිත මිනිස් විභවතාවන්ගෙන් බොහෝ සේ අෑත්ව ජීවත් වීම. තමන්ගේ ප්ලැට්ෆෝම් එක ඇතුළේ අඛණ්ඩව වැඩ පෙන්වීම ප්‍රතික්ෂේප කිරීම ඔවුනොවුන්ගේ ඇතුළත ශක්තීන් ට්‍රෙමෙන්ඩස් වර්ගයේ සාර්ථකත්වයක් සඳහා එළිපෙහෙළි කර නොගැනීම.

තමන් පොරක් කියලා හිතන කෙනෙක්, පොරත්වය තදින් වැලඳගත්ත කෙනෙක් බොහෝ වෙලාවට තමන් විතරක් නිවැරදියි කියන මතයක ජීවත්වෙනවා. අනිකාගේ අදහස් මතවාද සියල්ල වැරදියි කියලා උපකල්පනයේ  යෙදෙනවා. එහෙම මට්ටමකදී ඒ පුද්ගලයාට එහෙමත් නැත්නම් ඒ පොරට පරිබාහිරින් ලැබීමට නියමිත දැනුම සීමා සහිත වෙනවා. අනිකා සිතන බලන ඇතැම් සංචරණ කලාපයන් මඟහැරෙනවා. ලෝකය සීමා සහිතව තමන්ගේ දෘෂ්ටිකෝණයෙන් පමණක් දර්ශනය වෙනවා. ඒක භයානක තත්ත්වයක්. ඒවා එහෙම වෙනකොට තමයි මම මුලින් කිව්ව පොරත්වයට අදාළ අප්ඩේට් එක ඒ පොරට මිස් වෙන්නේ පොරත්වයට අවශ්‍ය අඛණ්ඩ නඩත්තුව මඟහැරෙන්නේ.

පොරක් වෙන්න එපා. පොරත්වය හොඳ නැහැ වගේ තැනකට මම ආවොත් ඒක සාධාරණ නැහැ. මොකද හැමෝම යම්කිසි මට්ටමකින් ජීවිතය ඇතුළේ පොරත්වය බලාපොරොත්තු වෙනවා. මමත්වය ඔස්සේ තම තමන්ගේ ආත්ම අභිමානය ගොඩනඟාගන්න ට්‍රයි කරනවා. තවත් අතකට තමන්ට තමන් පොරක් කියන කන්සෙප්ට් එක ඇතුළේ සක්සස් වෙන්න පුළුවන් මිනිස්සුත් ඉන්නවා. පොරත්වය සීමා රහිත කලාපයකට මෙහෙයවන්න පුළුවන් පුද්ගල චරිත ඕනෑතරම් හමුවෙනවා. මේක කියලා ඉවරවෙද්දී ඔයාගේ පොරත්වයේ සීමාව ඒක වුණාට මගේ පොරත්වයේ සීමාව මේක කියලා නිදහසට කරුණු කියන්න ඕනනම් ඔයාට පුළුවන්. හැබැයි එහෙම කියවනව නම් අපි පෞද්ගලික මට්ටමින් හරි පොරත්වය කියලා දෙයක් බලාපොරොත්තු වෙන්න ඕන නැහැ කියලා මම විශ්වාස කරනව. පොරත්වය කියන බෝල්ඩ් කන්සෙප්ට් එක අපි පෞද්ගලික මට්ටමින් හරි වැලඳගන්න උත්සාහ කරනවා නම් ඒක හරියාකාරව, නිසියාකාරව වැලඳගත යුතු බව මම පිළිගන්නවා. එහෙම එකක් ඕනම නැත්නම් තමන්ට, තමන් කියන කෑල්ලවත් ගාවගන්නේ නැතුව අපිට ඒක ආත්ම තෘප්තිය වගේ ලාභ තැනකින් නතර කරන්න පුළුවන්.