ජවිඳුගෙන් සටන්කාමී ඉනිමක්

0
16

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අවුරුදු 15න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේ තරගයකදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට කැළණිය ගුරුකුල විද්‍යාලය සමත්විය.

එම තරගයේදී සටන්කාමී ඉනිමක් දියත් කළ ජවිඳු මධුසංක ලකුණු 121ක් ලබාගනිමින් කැපී පෙනුණි.

මෙම තරගයකදී ගාල්ල මහින්ද විද්‍යාලයට එරෙහිව ශතකයක් සමඟින් තුන් ඉරියව් දස්කම් දැක්වීමට කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ නුෂාන් පෙරේරා සමත්විය.

කැළණිය ගුරුකුල, කොළඹ නාලන්දා, අම්බලන්ගොඩ ධර්මාශෝක, මොරටුව ශාන්ත සෙබස්තියන්, වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස්, කොළඹ ශාන්ත ජෝශප්, ගල්කිස්ස ශාන්ත තෝමස් සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාල  කණ්ඩායම් තෙවැනි වටයට සුදුසුකම් ලැබූහ.

කැළණිය ගුරුකුල – මහනුවර ත්‍රිත්ව

ත්‍රිත්ව: පළමු ඉනිම _ 259/5 (සෙත්මික සෙනෙවිරත්න නොදැවී 56, චනිරු සේනාරත්න 56, මහේන්ද්‍ර අබේසිංහ 52, ඉඳුවර ඕෂධ 45/2), ගුරුකුල: පළමු ඉනිම _ 262/8 (ජවිඳු මධුසංක 121, අශ්වින් හේරත් 70/4, සෙත්මික සෙනෙවිරත්න 49/3)

කොළඹ නාලන්දා-කොළඹ රාජකීය

රාජකීය: පළමු ඉනිම _ 130/9 (අනික් රයන් 37, ලෙළුම් සමරනායක 29/3, සංතුල් විජේරත්න 15/2), නාලන්දා: පළමු ඉනිම _ 132 (මිත් රත්නායක 52, යසස් සඳරුවන් 27, ජනුග පෙරේරා 20/4, යසිඳු දිසානායක 15/2, දිනෙත් වේරගොඩ 38/2)

අම්බලන්ගොඩ ධර්මාශෝක – කෑගලු විද්‍යාලය

ධර්මාශෝක පළමු ඉනිම _ 180/7 (කවීෂ මතීෂ් 43, නෙතුජ සුහස් 41, තෙසත් රන්තිස 27, දිනුක ප්‍රබාසර 24, විහඟ සත්සර 22/2, කවීෂ දිනාල් 44/2, ශෂින් ශ්‍යාමාල් 2/51), කෑගලු විද්‍යාලය: පළමු ඉනිම _ 83 (විහඟ සත්සර 23, දුවිංස නෙත්මිණ 10/4, ඩී. සිතුමල් 17/3, ඔමේග කරුණාරත්න 66/2)

ධර්මාශෝක දෙවැනි ඉනිම _ 90/3 (ශෂින් ශ්‍යාමාල් 2/43)

මොරටුව ශාන්ත සෙබස්තියන් – කොළඹ වෙස්ලි

ශාන්ත සෙබස්තියන්: පළමු ඉනිම _ 182/7  (කොෂේන්ද්‍ර ප්‍රනාන්දු 61, ලෂේන් ප්‍රනාන්දු 61, එරාන් අලි 30/2), වෙස්ලි: පළමු ඉනිම _ 114 (සිතුක හංසිත් 44, ලිතුම් සෙනුජ 23, ලෂේන් ප්‍රනාන්දු 28/5, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු 16/2, සිතුක රිසිනු 23/2)

වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් – රද්‍ෙදාළුව ශ්‍රී ප්‍රඥානන්ද

ශ්‍රී ප්‍රඥානන්ද: පළමු ඉනිම _ 76 (රනිඳු යොමාල් 7/5, නෙවින් සෙංකිත් 11/2, දර්ශන සෙනෙත් 16/2), ශාන්ත ජෝශප් වාස්: පළමු ඉනිම _ 275/9 (නෙවින් සෙංකිත් 74, දර්ශන සෙනෙත් 46, රනිඳු යොමාල් 35, බෝදන දිසානායක 33, සචිඳු රශ්මික 32, මොනිල බුද්ධිජ 41/3, ශෂ්මිත සෙනුල් 32/2), ශ්‍රී ප්‍රඥානන්ද දෙවැනි ඉනිම _ 79/3 (වාසක ප්‍රනාන්දු 20/2)

කොළඹ ශාන්ත ජෝශප් – ගාල්ල මහින්ද

මහින්ද පළමු ඉනිම _ 138/7 (රසංජය තිසල් 46, ඉමාල් තුෂාන්ත 41, නුෂාන් පෙරේරා 29/3, ප්‍රහස් පෙරේරා 22/2), ශාන්ත ජෝශප්: පළමු ඉනිම _ 266/7 (නුෂාන් පෙරේරා නොදැවී 109, අවීෂ සමාෂ් 62, අමීෂ ගුරුගේ 39, විශ්මිත සත්සර 61/2, සඳෙව් නෙත්මිණ 74/2)

 ගල්කිස්ස ශාන්ත තෝමස් – කොළඹ මහනාම

ශාන්ත තෝමස්: පළමු ඉනිම _ 239 (තෙනුක අමරවීර 70, නෙතුම් විතානගේ 50, සනුක ගනේපොල 35/3, පහන් තිලකරත්න 30/2), මහනාම: පළමු ඉනිම _ 195/8 (දෙනෙත් ගුණතිලක 37, ෂෙනුක් පෙරේරා 33, ඉෂාර ප්‍රනාන්දු 11/2, ශනිල් පෙරේරා 15/2, බෝමෙත් පෙරේරා 21/2)

ශාන්ත තෝමස් විද්‍යාලයට ප්‍රසාද ලකුණු අනුව ජයක්.

මොරටුව වේල්ස් කුමර – මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසල

හරිස්චන්ද්‍ර ජාතික පාසල: පළමු ඉනිම _ 125 (සිතුම් නෙත්සර 28, හංසක පෙරේරා 27, නෙතුල් අනුහස් 39/3, නෙතුල දම්තුස 8/2, වොනාල් පීරිස් 11/2, රුසඳ සිල්වා 23/2), වේල්ස් කුමර: පළමු ඉනිම _ 157/6 (නෙතුල දම්තුස 42, ප්‍රවීන් රංගන 33, සඳුරවන් සිල්වා 20/3, හංසක පෙරේරා 36/2)

ඉෂාන් රශ්මිත