බිත්තර නිෂ්පාදකයින්ගේ තීරණය බූමරංගයක් වෙයි: තොග රැස් කළොත් රාජසන්තක කරන බව ඇමති කියයි

0
349

බිත්තර බෙදා හැරීමෙන් වැළකී තොග රැස් කිරීමක් සිදු කළහොත් එම බිත්තර රාජසන්තක කර සතොස හරහා වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

mawbima.lk වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඔහු අවධාරණය කළේ, රජය විසින් පනවන ලද පාලන මිලට බිත්තර අලෙවි නොකරන ව්‍යාපාරිකයින්ට එරෙහිව නිත්‍යානුකූල පියවර ගන්නා බව ය.

මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට අදහසක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් අප කළ විමසීමේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එය රඳා පවතින්නේ දේශීය බිත්තර නිෂ්පාදකයින්ගේ ඉදිරි ක්‍රියාමාර්ග මත බව ය.

යම් හෙයකින් ඔවුන් බිත්තර නිෂ්පාදනය නොකරන්නේ නම්, බිත්තර ආනයනය කිරීමට පියවර ගත යුතු බව අමාත්‍යවරයා වැඩිදුරට ත් පැවසීය.