ජැක්සන්ගේ රියේ හැපුණු අලියා ‘පිල්ලියක්’ ද?: අලියෙකුගේ සලකුණක්වත් නෑ

7
2034

අනුරාධපුර, තලාව, මොරගොඩ ප්‍රදේශයේදී ප්‍රවීණ රංගනවේදී ජැක්සන් ඇන්තනී අනතුරට ලක්වූයේ අලියෙකු මෝටර් රථයේ ගැටීමෙන් යැයි කීවත් වනජීවී කාර්යාල තුනක නිලධාරීන් එක්ව කළ විශේෂ මෙහෙයුමකින් පසුවත් එවැනි අලියෙකු ගැන තොරතුරු සොයාගැනීමට නොහැකි වී යැයි අනුරාධපුර වන සත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරි රත්නසිරි පෙරේරා ‘මව්බිම’ට පැවසීය.

එම අනතුරෙන් තුවාල ලැබුවා යැයි කියන අලියෙකු ගැන සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වූ පුවත මුළුමනින් ම අසත්‍යයක් යැයි කී හෙතෙම එවැනි තුවාල ලැබූ අලියකු වී නම් එම සත්වයා ගමන්ගත් මාර්ගයක ලේ සලකුණක් හෝ තිබිය යුතු යැයි අවධාරණය කළේ ය.

එහෙත් එවැනි කිසිදු සලකුණක් වනජීවී නිලධාරීන්ට හමු නොවී යැයි ද මෙම සිදුවීම අත්දැකීම් සහිත වනජීවී නිලධාරීන්ට පවා බරපතළ ගැටලුවක් යැයි ද ඒ මහතා කීවේ ය.

අලියා ගමන්ගත් මාර්ගයත් ගමන්ගෙන තිබෙන්නේ අපහසුතාවකින් ද යන්නත් එවැනි අලියකුට පෑගෙන තණකොළවලින් කිව හැකි නමුත් එවැනි සලකුණක් පවා හමු නොවී යැයි ද පෙරේරා මහතා කීය.

අනතුරින් පසුව එම අලියා රංචුව හැර ගියත් තනිව වැඩි කලක් සිටින්නේ නැතැයි කී හෙතෙම අනතුරෙන් පසුව මාසයකට අධික කාලයක් ගත වී ඇති බැවින් එසේ නම් නැවත රංචුවට එකතු වී සිටිය යුතු යැයි ද පැවැසීය. එහෙත් වනජීවී නිලධාරීන් නිරීක්ෂණයට ලක් කළ අලි රංචුවල අනතුරකට ලක් වූ එවැනි අලියකු පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොවී යැයි ද පෙරේරා මහතා සඳහන් කළේ ය.

ජැක්සන් ඇන්තනී මහතා ගමන්ගත් රථයේ අලියෙකු ගැටුණු බවට ඇත්තේ ඇසින් දුටු සාක්ෂි දෙකක් යැයි ද එවැනි අලියෙකු සිටී දැයි සෙවීමට තවදුරට ත් අඛණ්ඩව මෙහෙයුම් කරන්නේ යැයි ද පෙරේරා මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

සරත්චන්ද්‍ර වික්‍රමසිංහ – මැදවච්චිය

7 COMMENTS

  1. හැබැයි ඩෑෂ් බෝඩ් කැමරාවෙ තරමක් ඈතින් තවත් අලි මාරු වෙනවා පෙනුනා නේද ඡායාවන් වගේ? පිල්ලි වගේ මෝඩ තර්ක දාන්න එපා.. බොහෝවිට හැප්පුනු අලියට ලේ ගලන්න තරම් තුවාල වෙන්න නැතුව ඇති. .

  2. මෝඩ පිල්ලි නෙවෙයි..අලි රංචුව දැක්කේ නැද්ද ඩෑෂ් කැමරාවෙන්…බොරු පිල්ලි ද‌‌‌මලා මිනිසුන් මුලානොකර ඉදපං..වනජීවිය ගැන අපි දන්නවනේ…උං වගේ පට්ට බොරුකාරයෝ ගැන කතා නොකර ඉංදිමු…

  3. පිල්ලියක් තමයි,
    හේතුව බුද්ධ ධර්ශනයට හා සිංහලයේ පැවැත්ම හෙවත් සිවුහෙළයයට අපහාසවන සාහිත්‍යය කතා රඟපෑම් තුලින්, සිවුහෙළයට වෙන්න යන හානිය වලකාලන්නටම…
    ගෝත්‍ර 4කින් එක්ව සෑදුණු සිවුහෙළය හෙවත් සිංහලයාගේ විකාශනය… සිංහයෙකුට දාව ඉපදුන බව කියනා නිර්මාණය බොරුවක් බවම, මේ විශ්වයේ දඩුවම්න් ඔප්පු වෙමින් පවතිනවා .
    ඔබේ බුද්ධිමත් සිතට ඉඩක් තබමි

Comments are closed.