හොංකොං පිලට ලකුණු 8ක ජයක්

0
33

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ පළමු තරගයෙන් සිංගප්පූරුවට එරෙහිව ලකුණු 8ක තියුණු ජයක් වාර්තා කර ගැනීමට හොංකොං පිල පෙරේදා (20දා) රාත්‍රියේ සමත් විය.

ඕමානයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනූ සිංගප්පූරු පිලේ ආරාධනයෙන් පළමුව ලකුණු රැස්කළ හොංකොං කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 148කි. එහිදී හොංකොං පිල වෙනුවෙන් කිංචිට් ශා ලකුණු 34ක්, යසීම් මුර්ටාසා ලකුණු 26ක් සහ හරූන් අර්ෂාඩ් නොදැවී ලකුණු 27ක් රැස්කරගත්තේය.

කෙසේ වෙතත් පිළිතුරු ඉනිම දියත් කළ සිංගප්පූරු කණ්ඩායමට පන්දුවාර 20ක් අවසානයේදී කඩුලු 7කට රැස්කළ හැකි වූයේ ලකුණු 140ක් පමණි. හොංකොං පිල වෙනුවෙන් පන්දු යැවීමේදී ඒෂාන් ඛාන් කඩුලු 3ක් දවාගත් අතර, මොහොමඩ් ඝසන්ෆාර් කඩුලු 2ක් දවාගත්තේය.

ලකුණු සාරාංශය

හොංකොං – 148/9 (20) (කිංචිට් ශා 34, හරූන් අර්ෂාඩ් නොදැවී 27, යසීම් මුර්ටාසා 26, අක්ෂේ පූරි 17/2, ජනක් ප්‍රකාශ් 34/2, අජ්මඩ් මහ්බූබ් 25/2)

සිංගප්පූරුව – 140/7 (20) (ජනක් ප්‍රකාශ් 31, අරිත්‍රා දත්තා 29, ඒෂාන් ඛාන් 20/3, මොහොමඩ් ඝසන්ෆාර් 20/2)