හරක් කටා ගේන්න විශේෂ කණ්ඩායමක් ඩුබායි රටට

0
68

මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තා මෙරටට ගෙන්වා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ඉදිරි දිනයකදී ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යෑමට නියමිත බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් කියයි.

උදර්පන නීතිය යටතේ දින 30ක් ඇතුළත සැකකාර හරක් කටා මෙරටට රැගෙන ඒමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය. ඒ අනුව හරක් කටා මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඩුබායි ජාත්‍යන්තර පොලිස් ශාඛාව එරට මත්ද්‍රව්‍ය කාර්යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, මෙරට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව මේ දිනවල අදහස් හුවමාරු කර ගනිමින් සිටින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හරක් කටා නමැත්තා ඩුබායි පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණද ඔහු එලෙස එරට ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇති බව එරට ජාත්‍යන්තර පොලිස් ශාඛාව මෙරට ඉන්ටර්පෝල් ශාඛාවට නිල වශයෙන් ඉකුත්දා දැනුම්දී තිබිණි. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මාකඳුරේ මධුෂ්ද ඩුබායි පොලිසිය මඟින් මෙලෙස අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඩුබායි ජාත්‍යන්තර පොලිස් ශාඛාව විසින් දැනුම්දීමත් සමඟ කරන ලද අදහස් හුවමාරු කිරීම් මත මීට පෙර මාකඳුරේ මධුෂ්ද මෙලෙස මෙරටට ගෙන්වාගෙන තිබිණි.