සිසුන්ට මත අලෙවි කළ දෙදෙනෙක් දැලේ

0
20

පානදුර ප්‍රදේශයේ පාසල් සිසුන් ඉලක්ක  කරගනිමින් මත් කරල් අලෙවි කිරීමේ ජාවාරමක නිරත පුද්ගලයන් දෙදෙනකු මත් කරල් දහසකට ආසන්න ප්‍රමාණයක්, ජාවාරම් මුදල් සහ ජංගම දුරකථන 3ක් සමඟින් අත්අඩංගුවට ගැනීමට  පින්වත්ත පොලිසිය සමත්ව ඇත.

බුද්ධි නිලධාරීන්ගේ තොරතුරක් මත පොලිස් පරීක්ෂක ධම්මික ද සිල්වා ඇතුළු පොලිස් කණ්ඩායමක් පානදුර දිබ්බැද්ද ප්‍රදේශයේදී සැකකරුවන්  අත්අඩංගුවට ගෙන තිබේ. මත් කරලක් රුපියල් 150ක පමණ මුදලකට අලෙවි කරන බවට හෙළිව ඇතැයිද පොලිසිය කියයි.

දිබ්බැද්ද සහ මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික ද සිල්වා, බුද්ධි නිලධාරීන්ගේ සහාය ඇතිව  කොස්තාපල්වරුන් වන කුමාර  (68398), පෙරේරා (22906), අස්මා (11461) යන නිලධාරීන් සමඟ වැටලීම කර ඇත.

පොතුපිටිය – සුමිත් රණවක