රනිල්ගේ ගෙට ගිනි තැබීම හකීම්-හිරුණිකා දුලාංජලී CID යට කැඳවයි

0
21

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අයත් කොල්ලුපිටිය පස්වැනි පටුමඟේ පිහිටි නිවෙසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන.

විමර්ශනවලට අදාළව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සොහොයුරිය වන දුලාංජලී ප්‍රේමදාස මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. එමෙන්ම මෙම විමර්ශනය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගෙන්ද රහස් පොලිසිය පැය හයහමාරක ප්‍රකාශයක්ද සටහන් කරගෙන තිබිණි.

ඊට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශ්‍රී  ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රි රවුෆ් හකීම් මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් පැය 7ක ප්‍රකාශයක් ලබාගෙන තිබිණි.

එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය නිවෙසට ගිනි තැබීමට පෙර එම නිවෙස ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වමින් පිරිස කැඳවීම හේතුකොටගෙන ටභම ප්‍රශ්න කිරීම් සහ ප්‍රකාශ ලබාගැනීම සිදුකර ඇතැයි වාර්තාවේ. 

කීර්ති මෙන්ඩිස්