මනුජ, සඳෙව් හා කවිඳුගෙන් ශතක

0
26

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අවුරුදු 15න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේදී ශතක රැස් කිරීමට මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ මනුජ නයනජිත් සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සඳෙව් අමරකෝන් යන ක්‍රීඩකයින් සමත්වූහ.

මෙම තරගවලදී ජය ලබමින් තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය, කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය, බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, කොළඹ ලුම්බිණි විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය යන එහිද

එහිදී මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ මනුජ නයනජිත් ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලයට එරෙහිව නොදැවී ලකුණු 148ක්, කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සඳෙව් අමරකෝන් වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහිව ලකුණු 136ක් හා වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයේ කවිඳු විහඟ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහිව ලකුණු 109ක් රැස් කළහ. එසේම කොළඹ ලුම්බිණි විදුහලේ නඳුල රන්දික පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයට එරෙහිව ලකුණු 44කට කඩුලු 5ක් දවාගෙන තිබිණි. පැවැති තරගවලදී මීගමුව මාරිස්ටෙලා, කටුගස්තොට ශා.අන්තෝනි, බම්බලපිටිය ශා.පීතර, කුරුණෑගල මලියදේව, මාතර රාහුල පළමු ඉනිමේ ජය වාර්තා කළහ.

 මීගමුව මාරිස්ටෙලා – ජාඇල ක්‍රිස්තුරාජ

මාරිස්ටෙලා: පළමු ඉනිම _ 230 (මනුජ නයනජිත් 148, සඳරු පෙරේරා 41/3, සුනේෂ් නිම්ෂාන්  62/3), ක්‍රිස්තුරාජ: පළමු ඉනිම _ 163 (ෂෙනාල් නිපුන් 46, රශ්මික නෝනිස් 37, ෂෙවින් හේවාවිතාරණ 51/4)

කොටහේන ශාන්ත බෙනඩික්ට් – ගාල්ල රිච්මන්ඩ්

ශාන්ත බෙනඩික්ට්: පළමු ඉනිම _ 202/6 (මානික්‍ය දේශප්‍රිය 42, ඉමාල් තුෂාන්ත 51/2), රිච්මන්ඩ්: පළමු ඉනිම _ 186/6 (මිනාග ආරියදාස නොදැවී 64, ආකාෂ් හේවා 33, නිර්වාන් ජයතිලක 36/2)

ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට ප්‍රසාද ලකුණු අනුව ජයක්.

කටුගස්තොට ශාන්ත අන්තෝනි – වත්තල ශාන්ත අන්තෝනි

කටුගස්තොට ශාන්ත අන්තෝනි: පළමු ඉනිම _ 288/4 ( (සඳෙව් අමරකෝන් නොදැවී 136, මනොන් කේමිත 74, කෞෂික කුමාරසිංහ 48, තිමිර සඳරු 56/3), වත්තල ශාන්ත අන්තෝනි: පළමු ඉනිම _ 190/9 (කවිඳු විහඟ 109, ඔකිත ප්‍රනාන්දු  42/4)

බම්බලපිටිය ශාන්ත පීතර – කෝට්ටේ ජනාධිපති

ශාන්ත පීතර: පළමු ඉනිම _ 197 (හිරුක සිල්වා 30, සෙතිල සෙව්හස් 38/3), ජනාධිපති: පළමු ඉනිම _ 62 (ඕෂධ අකලංක 7/3), ශාන්ත පීතර දෙවැනි ඉනිම _ 150/3 (ජොශුවා සෙබස්තියන් නොදැවී 83)

කුරුණෑගල මලියදේව – මහනුවර ශාන්ත සිල්වෙස්තර

මලියදේව: පළමු ඉනිම _ 153/6 (තිවංක පබසර 53, පැහැසර බණ්ඩාර 34, චාමික බස්නායක 35/4), ශාන්ත සිල්වෙස්තර: පළමු ඉනිම _ 100 (පියුමක කරුණාරත්න 35, රූසර බණ්ඩාර 17/3, ලක්දුල රත්නායක 32/3)

කොළඹ ලුම්බිණි – පානදුර ශාන්ත ජෝන්

ලුම්බිණි: පළමු ඉනිම _ 144/5 (ජනුධ කොළඹගේ 47, එඅකේන් තීක්ෂණ 10/2), ශාන්ත ජෝන්: පළමු ඉනිම _ 127 (තරුල් ලක්ෂඳ 41, නඳුල රන්දික 44/5)

කොළඹ ආනන්ද – රත්ගම දේවපතිරාජ

ආනන්ද: පළමු ඉනිම _ 263/6 (කිත්ම සිත්මල් 80, නෙතුල එදිරිමාන්න 75, ඔවින් පෙරේරා 53, පුලිත් වත්සුක 41/3), දේවපතිරාජ: පළමු ඉනිම _ 185/5 (පුල්ජිත් වත්සුක 39, ගිම්හාන් රසාංජන 34, කිත්ම සිත්මල් 23/3)

ආනන්ද විද්‍යාලයට ප්‍රසාද ලකුණු අනුව ජයක්.

මාතර රාහුල – පානදුර ශ්‍රී සුමංගල

රාහුල: පළමු ඉනිම _ 177/8 (රිසිනු ගීතික 48, පවර පබසර 47, මෙවිඳු කුමාරසිරි 15/4), ශ්‍රී සුමංගල: පළමු ඉනිම _ 136 (විසල් හංසිත 61, නදිල් සංදේෂ් 20/3)

ඉෂාන් රශ්මිත