පාර වැරදිලා එන අය පක්ෂ 10ට ගන්නේ නෑ

0
20

ඇමැතිකම් නොලැබීම නිසා මන්ත්‍රිවරුන් බොහෝ පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්ව යෑමට ඉඩ ඇති බවත් එසේ ඉවත්ව යන මන්ත්‍රිවරුන්ව අලුතෙන් පිහිටුවන තම සන්ධානයට ඇතුළත් කර නොගන්නා බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පැවැසීය.

කිසියම් මන්ත්‍රිවරයෙක් තම සන්ධානය හා එක්වන්නේ නම් ප්‍රතිපත්තියක් අනුව එක් විය යුතු බවත් ඇමැතිකම් නොලැබීම නිසා එසේ පාර වැරදිලා වල්මත් වෙලා යන අයව කිසිසේත්ම ආණ්ඩුවෙන් ස්වාධීනව සිටින පක්ෂ දහයේ එකමුතුවෙන් සැප්තැම්බර් මස 4 වැනි දින පිහිටුවනු ලබන තම සන්ධානයට එකතු කර නොගන්නා බවද මන්ත්‍රිවරයා පැවැසීය.

අලුතින් පිහිටුවනු ලබන නව සන්ධානයට පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මන්ත්‍රිවරුන් පිරිසක් එක්වීමට නියමිතව ඇති බවත් ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව තම සන්ධානයට එක්වන ලෙස අලහප්පෙරුම මහතා ඇතුළු මන්ත්‍රිවරුන්ට දැන්වූ බවද මේ සම්බන්ධයෙන් ‘මව්බිම’ කළ විමසුමකට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවැසීය.

කුමුදු උපුල් ශාන්ත