ජනපති ජැක්සන් බලන්න ජාතික රෝහලට යයි

0
13

පසුගියදා අනුරාධපුරයේ දී අනතුරකට පත්ව බරපතළ තුවාල ලබා සිටිණ ප්‍රවීණ රංගධර, සිනමාවේදී, ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට පසුගියදා (19දා) පෙරවරුවේ ගියේය.

ජැක්සන් ඇන්තනී මහතා ප්‍රතිකාර ලබමින් සිටින රෝහල් කාමරය වෙත ගිය ජනාධිපතිවරයා ඒ මහතාගේ ප්‍රතිකාර සම්බන්ධයෙන් සොයා බැලූ අතර වෛද්‍යවරුන් සමඟ ඒ සම්බන්ධයෙන් විමසීමක්ද කළේය. අනතුරුව රෝහල් අධ්‍යක්ෂවරයා හමුවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනෙකුත් රෝගීන්ට අවශ්‍ය ඔෟෂධ හා දැනට හිඟවී තිබෙන ඔෟෂධ පිළිබඳ විමසීමක් කළේය.

හිඟ ඔෟෂධ කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බවත් රට පුරා ඔෟෂධ හිඟයෙන් පීඩාවට පත් රෝගීන්ගේ ජීවිත සම්බන්ධයෙන් තමාට විශාල වගකීමක් තිබෙන බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

ඉන් අනතුරුව ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිය මුණගැසුණු රනිල් වික්‍රමසිංහ මහතා ඇන්තනී මහතාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කළ අතර ඉදිරි ප්‍රතිකාර කටයුතු සම්බන්ධයෙන් යම් උපකාරයක් වෙතොත් නොපමාව තමන්ව දැනුවත් කරන ලෙසද ඉල්ලා සිටියේය.

වෛද්‍ය ප්‍රතිකාර සේම ආගමික හා ආධ්‍යාත්මික ආශිර්වාදයද ඉතා වැදගත් බැවින් ඇන්තනී මහතාට සෙත් පතා ආගමික වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කරන ලෙසද ඊට සිය උපරිම සහාය ලබා දෙන බව ද වික්‍රමසිංහ මහතා පවුලේ ඥාතීන් සමඟ පැවසීය.

රෝහලින් පිටතට පැමිණි ජනාධිපතිවරයා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එහි පැමිණ සිටි රෝගීන්ගේ සුව දුක් විමසීමටද අමතක නොකළේය.