“අත්සන් කරන්න එපා”: එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිට දැනුම් දෙයි

0
409

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන් ජීවන්ත සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්වාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි.

එම සංවිධානයේ මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ විශේෂ නියෝජිත මේරි ලෝලර් සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.

ඔවුන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග සඳහා අත්සන් නොකරන ලෙස තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින අතර එසේ කිරීම ශ්‍රී ලංකාවේ අඳුරු දිනයක් වනු ඇති බව ඇය සිය ට්ව්ටර් පණිවිඩයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත.