ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයෙක් මියයයි

0
189

කොල්ලුපිටිය, 19 පටුමගේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක 16 වන මහලෙන් 6 වන මහලට වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මරණකරු වයස අවුරුදු 31ක් වූ බදුරැස්ස, කොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය සිදු කර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

පොලිසිය සඳහන් කළේ, මරණකරු 16 වන මහලේ සේවය කරමින් සිටින අතරතුර හදිසි අවස්ථාවක් සඳහා බිම් මහලට පැමිණීමට උත්සහ කිරීමේදී ඉන් ඇද වැටී මියගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ය.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.