අරලිය ගහ මන්දිරයට ඇතුළු වූ සැකකරුවන් 50 දෙනෙකු සොයන්න පොලිසිය සහය පතයි (PHOTOS)

0
158

ජූලි 9 වන දා අරලිය ගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට අලාභ හානි සිදු කළ සැකකරුවන් පිරිසක් හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි.

කොළඹ දකුණ කොට්ඨාසයේ අපරාධ විමර්ශන අංශය මගින් සිදු කරන විමර්ශනයට අදාළ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය ඉල්ලා තිබේ.

ඒ අනුව, මෙම සිද්ධියට සම්බන්ධ බවට සමාජ මාධ්‍ය ජාලා සහ ඉන්ටර්නෙට් මගින් හඳුනා ගත් මෙතෙක් අනන්‍යතාව අනාවරණ කර ගැනීමට නොහැකි වූ සැකකරුවන් 50ගේ ඡායාරූප නිකුත් කර ඇත.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 0112421867 / 0763477342 හෝ 1997 ක්ෂණික ඇමතුම් අංශයට තොරතුරු ලබාදිය හැකි ය.