භීෂණාත්මක තැති ගැන්මෙන් නහවන Stranger things

0
338

මේ දවස්වල ටෙලිවිෂන් සීරීස් බලන ෆෑන්ස්ලගෙන් නිතර ඇහෙන දෙයක් තමයි “ස්ට්‍රෙන්ජර් තින්ග්ස් සීසන් හතර නම් මරේ මරු” කියලයි. ඔව්! කිව්වත් වගේම සීසන් හතර නම් පර්ෆෙක්ට්. නියමයි. “ස්ට්‍රෙන්ජර් තින්ග්ස්” කියන්නේ එතෙක් මෙතෙක් බිහිවුණු Science Fiction කැටගරි එකේ Tv Series අතරින් මාස්ටර්පීස් ටයිප් එකේ හොඳම Tv Series එකක් කියලයි බලපු සෑම ප්‍රේක්ෂකයෙක්ගෙන්ම ලැබෙන ප්‍රතිචාරය නම්. 2016 වසර ප්‍රථමවරට Netflix හරහා Originally streaming වුණු “ස්ට්‍රෙන්ජර් තින්ග්ස්” ටෙලිවිෂන් සීරීස් එක ලෝකය වටා ඉන්න මිලියන ගණනක Tv Series ෆෑන්ස්ලා හරිම උමතුවෙන් වගේ වැලඳගත්ත නිසාම සෑහෙන සුපර් හිට් එකක් බවට පත් වුණා.

ඇත්තටම කිව්වොත් “Stranger Things” කියන්නේ නෙට්ෆ්ලික්ස්ලට වාසනාව ‍ෙදා්තින්ම අරන් ආපු කතා මාලාව කිව්වට වැරදි නැහැ.  “Stranger Things” හතරවැනි සීසන් එක ගැන යමක් කියනවා නම් අනිකුත් Seasons වලට සාපේක්ෂව පෙර අත්නොවිඳි දැවැන්ත කුතුහලයක් සහිතව අති භයංකරත්වයෙන් නහවන  Masterpiece Season එකක් විධියට නම් කරන්නට පුළුවන්. පළමුවැනි Episode එකෙන්ම නොමිලේම ලැබෙන කුතුහලය පිරිච්ච Horrific සැර එන්නත නම් සුළුපටු නැහැ. පළමුවැනි Episode එක ඉවරවනවාත් සමඟම නොනවත්වාම Episode නවය නිමවනතුරුම ලබාදෙන කුතුහලයේ නොතිත් ආශාව සංසිඳවන්නට නම් කොහෙත්ම ඉඩ ලබා දෙන්නේ නැහැ.

“ස්ට්‍රෙන්ජර් තින්ග්ස්” තුන්වැනි ඉඥචඵධද එක නිමාවට පත්වෙන්නේ ඇමරිකාවේ එක් ප්‍රාන්තයක් වූ ඉන්දියානා ප්‍රාන්තයේ පිහිටලා තියෙන හෝකින්ස් නගරය කණපිට පෙරළමින් කඩා වැදුණ පිටසක්වළ ප්‍රහාරය පරාජයට පත් කරමින්. මෙම පිටසක්වළ ප්‍රහාරය මැඬපවත්වන “ඉලෙවන්” ඇතුළු ඔහුගේ පාසල් සගයන් පිරිස විසින් හෝකින්ස් නගරයට නැවතත් සාමය උදාකර දුන්නා. හෝකින්ස් නගරයේ සාමකාමී ජීවිතයට විරාමයක් තබමින් හෝකින්ස් නගරයට එරෙහිව ගොඩනැඟෙන අඳුරු බලවේගයක් පිළිබඳ තොරතුරු “ස්ට්‍රෙන්ජර් තින්ග්ස්” Season 4 හරහා ගෙන එනු ලබනවා. ඉලෙවන්, ඩස්ටින් ඇතුළු දඟකාර කොලු රෑන දැන් ඉලන්දාරියන් බවට පත් වෙලා. ඔවුන් දැන් හෝකින්ස් නගරයේ සිටින තරුණ ප්‍රජාව නියෝජනය කරනවා. හෝකින්ස් නගරයට එරෙහිව එන මේ අඳුරු බලවේගයට එරෙහිව නැවතත් ඔවුන් සටන් වදිනවා ඇත.

කතා මාලාව පුරාවටම නරඹන්නාව ඇද බැඳ තබා ගන්නට යොදාගෙන තියෙන සිනමාත්මක (Cinematic) උපක්‍රම නම් විශිෂ්ටයි. Parallel විධියට විවිධාකාරයේ සිදුවීම් කීපයකින් සමන්විත වෙන කතාවේ ගලා යෑම විවිධ පැතිවලට යොමුවන නිසාම සීරිස් එක බෝරින්ග් වෙන්නේ නැහැ කොහොමටවත්ම. කතා මාලාව පුරාවටම පුදුමාකාර සජීවී බවක් තියෙන්නේ. ඇහැ කටේ දාගෙන බලන්න හිතෙන පුදුමාකාර වර්ණවත් බවක් (Colorful) තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, කතා මාලාවේ චරිත සංවර්ධනය (Character Development) එක පවා සිදුකරලා තියෙන විදිය විශේෂයි සහ විශිෂ්ටයි. විශේෂයෙන් “ඉලෙවන්ගේ” චරිතය පිළිබඳ විස්තරාත්මක තොරතුරු රාශියක් අන්තර්ගත කරලා තියෙනවා. තාරුණ්‍ය හදවත් ඉලක්කගත කරමින් කතා මාලාව පෝෂණය කරන තිර රචනාවට දැඩි පැසසුම් හිමිවිය යුතුමයි. ස්ටීවන් ස්පීල්බර්ග්, ස්ටීවන් කින්ග්, ජේ.ජේ.එබ්‍රහම්ස්ගේ පරිකල්පනයන් එකම තැනකින් දැක බලාගන්නට ලැබුණු අවස්ථාවක් ලෙසිනුයි “Stranger things” නරඹන විට දැනුණේ සහ හැඟෙන්නේ නම්.

අනෙක් අතට සීරිස් එක පුරාවටම ඉලෙක්ට්‍රොනික් සංගීත පද මාලාවලින් ලබාදෙන කනට මිහිරි පසුබිම් සංගීතය (Background Score) නම් හදවතටම වදිනවා. Episode එකෙන් Episode එකට ලබාදෙන්නේ පුදුමාකාර රිද්මයක්. තිර රචනය ශක්තිමත් කරන ඇමරිකා එක්සත් ජනපදයේ අසූව දශකයේ Pop Culture එක පාදක කරගෙන තියෙන නිසාම පුදුමාකාර විධියට කතාව කෙරෙහි සිත් අලවන්නට සමත් වෙනවා. අසූව දශකයේ ඉලෙක්ට්‍රොනික පොප් සංගීතය, යාන වාහන, චිත්‍රකතා, චිත්‍රපට, චොපර් සයිකල්, කොණ්ඩ මෝස්තර, ඇ¾දුම් පැල¾දුම් විලාසිතා ආදී බොහෝමයක් දේවල් මඟින් ප්‍රබල අතීතකාමයක් වෙත “Stranger Things” නරඹන්නාව ගෙන යමින් කුල්මත් කරනවා. ඇත්තටම නූතනයට වඩා අතීතකාමය සැබැවින්ම රසවත්. ර්ණීතඤඥද චඨඥ යුගයට සරිලන පරිදි කතා මාලාව නරඹන්නාගේ දෙසවනේ එල්ලන්නේ අපූරු සංගීතයත් එක්කමයි.

IMDB ජාත්‍යන්තර සිනමා දර්ශකේ මීටරය 8.7/10 දක්වා ඉහළටම කරකවපු මේ කතා මාලාව කුණු තක්කාලි (Rotten Tomatos) විචාරකයන්ගේ 91% විචාරක ප්‍රතිචාරයක් හිමි කරගන්නට පුළුවන් වුණා කියන්නේ “ස්ට්‍රෙන්ජර් තින්ග්ස්” කියන්නේ එසේ මෙසේ කතා මාලාවක් නම් නෙමෙයි. ඒ විතරක් නෙවේ මේ “ස්ට්‍රෙන්ජර් තින්ග්ස්” සීසන් හතරේ හැම එපිසෝඩ් එකක්ම ඕඩියන්ස් එක රේට් කරලා තියෙනවා 8.5/10 වැඩි අගයක්. ඉතින් හිතාගන්න පුළුවන්නේ සීසන් හතරේ තරම. Netflix සමාගම වාර්තා කළේ, 2022 මැයි 30 වන විට, “Stranger Things ඉඥචඵධද 4” පැය මිලියන 287කට වඩා නරඹලා තියෙනවා.

“ස්ට්‍රෙන්ජර් තින්ග්ස්” සීසන් හතරේ තියෙන තවත් විශේෂත්වයක් වෙන්නේ, “Squid Game” නම් සුප්‍රකට කතා මාලාවට පසුව නිකුත් වී පළමු දින 28 තුළ පැය බිලියනයකට වඩා නැරඹූ දෙවැනි Netflix Tv Series එක බවට පත්වන්නට හැකි වීමයි. එය පළමු දින 28 තුළ පැය බිලියන 1.352 වැනි විශාල නරඹන්නන් ප්‍රමාණයක් කරා ළඟා වූ අතර, එය “Squid Game” ට පසු වැඩිම පිරිසක් නරඹන ලද දෙවැනි Tv Series එක බවට පත් වූ අතර මෙතෙක් වැඩිම පිරිසක් නැරඹූ Tv Series එක බවට පත් වුණා.

“ස්ට්‍රෙන්ජර් තින්ග්ස්” සීසන් හතර මෙවර සමන්විත වන්නේ Volume (වෙළුම්) දෙකක් වශයෙනි. කතාංගයන් හතකින් සමන්විත පළමු වෙළුම මැයි 27 වැනි දින Netflix හරහා නිකුත් කරන ලද අතර කතාංගයන් දෙකකින් සමන්විත දෙවන වෙළුම ජූලි 1 වැනි දින නිකුත් කරන ලදී. “ස්ට්‍රෙන්ජර් තින්ග්ස්” සීසන් හතර සුපුරුදු පරිදි නිෂ්පාදනය කරන්නේ එහි නිර්මාතෘවරුන් වන ඩෆර් බ්‍රදර්ස් සහ ෂෝන් ලෙවී, ඩෑන් කොහෙන්, ඉයන් විසිනි.

“ස්ට්‍රෙන්ජර් තින්ග්ස්” සීසන් හතර නිෂ්පාදනය කරන්න ගිය මුළු වියදම ඇමරිකානු ඩොලර් මිලියන 270ක් පමණ වූ අතර එය එක් කථාංගයකට දළ වශයෙන් ඩොලර් මිලියන 30ක් පමණ වැය වූ බව නිෂ්පාදන කණ්ඩායම පවසා තිබුණා. “ස්ට්‍රෙන්ජර් තින්ග්ස්” මීළඟ කතා සමය වෙත නිරායාසයෙන්ම ඇති කරන පිම්ම සහ තෙරපුම නම් අතිශය ඇබ්බැහිවන සුලුයි. “Stranger Things Season 4” ඇතුළේ තියෙන නිර්මාණශීලී රූප රචනාව සහ කුතුහලය පිරි කතා වින්‍යාසය නිසාම වසරේ විශිෂ්ටතම කතා මාලාව බව අවිවාදයෙන් යුතුව පිළිගන්නට සිදු වෙනවා සත්තයි.

මලින්ත විතානගේ