ගැස්ට්‍රයිටිස් රෝගය දුරු කරන වැල්මී-ඉරමුසු-නෙල්ලි ඇතුළත් ප්‍රතිකාරයක්

0
162

වෙලාවකට බඩගින්නක් දැනෙනවා. සමහර වෙලාවට කොහෙත්ම බඩගිනි නැහැ. නිතරම බඩ පුරවා දැමූ ගතියක් තියෙනවා. ගලක් ගිලලා වගේ බර ගතියකුත් දැනෙනවා. බඩෙන් “ගොර, ගොර” සද්දෙකුත් එනවා. බඩත් පිපිලා. කෑමක් ගත් විගසම ඔක්කාරෙටත් එනවා. පලතුරක් කෑවත් එහෙමයි. තිත්ත රසට, ඇඹුල් රසට, ලුණු රසටත් වමනය එනවා. බඩ, පපුව, උගුර දැවිල්ලක් හටගන්නවා. ඇස් අඳුරුවෙලා කරකැවිල්ල වගේ දැනෙනවා. දහඩිය ගලනවා. සීතල දැනෙනවා. නිදිමත එනවා. හිසරදය ඇතිවෙනවා.  ආහාර අරුචිය වගේම කන – බොන දේවල් නොදිරවන ගතියකුත් තියෙනවා. දුගඳ මල පිටවීමක් සිදුවෙනවා. වෙහෙස මහන්සිය වැඩිපුර දැනෙනවා.

ඇස් දනවා. ඇඟ ඇතුළේ පිච්චෙනවා වගේ දැනෙනවා. ඇඟ පුරා කැසීමත්, පලු දැමීමත් ඇතිවෙනවා. ඇඟ පත තළා දාලා වගෙයි. වෙලාවකට පපුවේ අමාරුව ඉවසගන්න බැහැ. පපුව අල්ලාගෙන අසලම තැනක වාඩිගන්නවා. ඔන්න බය හිතෙනවා. ඩ්චපබ ඒබචජඬ එකක්වත්ද… වහාම රෝහල් ගතවෙනවා. වෛද්‍ය ප්‍රතිකාර දෙතුන් වරක් ලබාගත්තත් රෝගය සුව නොවුණු විට එන්ඩොස්කොපි පරීක්ෂණය සිදුකරනවා. නැවතත් ඔෟෂධ නියම කරනවා. එයින්ද සුව නොවූ විට ඇඳෙහි හිස තබන පැත්ත බ්ලොක් ගල් කිහිපයක් තබා මඳක් උස්කර සකසා නිදාගන්නා ලෙසට උපදෙස් ලැබෙනවා. (මේවා වෛද්‍ය උපදෙස් ලෙස සැලකිය හැකිද යන්න ප්‍රශ්නයක්) රෑ දෙගොඩහ හරියේදී රෝගියා දබොස් ගාලා බිමට වැටෙනවා. අප වෙත පැමිණෙන රෝගීන් මෙවන් අත්දැකීම් අඩු වැඩි වශයෙන් පවසනවා.

මෙවන් දුෂ්කර ක්‍රියා කරමින් ජීවිතය විඳවන්නේ ඇයි? මෙය ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයක්. ගැස්ට්‍රයිටිස් රෝගයේදී රෝග ලක්ෂණ බොහෝ ගණනක් දැකගත හැකියි. ආයුර්වේදයේදී ගැස්ට්‍රයිටිස් රෝගය  එහි රෝග ලක්ෂණ අනුව උෟර්ධවගත, අධෝගත, වාතාධික, කන්ථාධික හා වාත කන්ථාධික වශයෙන් ප්‍රභේද 5කට බෙදා දක්වනවා. ඒ අනුව කෙනකුගේ ගැස්ට්‍රයිටිස් රෝගය පවතින්නේ කුමන මට්ටමකින්ද හා ලබාදිය යුතු ඔෟෂධ පිළිබඳව ආයුර්වේද වෛද්‍යවරයා තීරණය කරනවා. ගැස්ට්‍රයිටිස් රෝගය ආයුර්වේද ග්‍රන්ථවල අම්ලපිත්ත යනුවෙන් සඳහන් වෙනවා. සමහර පාරම්පරික වෛද්‍යවරුන් ආමාශයික ඇඹුල් කාරම යනුවෙන්ද හඳුන්වනවා. සමහර ගම් පළාත්වල අදටත් බඩේ ඇසිඩ් ලෙඩේ හා ගෑස් ලෙඩේ යනුවෙන් හඳුන්වන්නේද ගැස්ට්‍රයිටිස් රෝගයයි. ඕනෑම මට්ටමක ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයක් සුව කිරීමට අප භාර ගන්නවා. අප වෙතින් ලබාදෙන ඔෟෂධ භාවිතයේදී කිසිදු කෑම බීම තහංචියක් නොමැති බවද සඳහන් කළ යුතුයි.

ගැස්ට්‍රයිටිස් රෝගය කවුරුත් හඳුන්වන්නේ වැඩිපුර බඩගින්නේ සිටීමෙන් හටගන්නා රෝගය කියලයි. ඒ කතාව ඇත්තක් නෙමෙයි. හැබැයි ඇත්තක් නැතුවාමත් නෙමෙයි. පුරුද්දක් විදිහට වැඩි වේලාවක් බඩගින්නේ සිටින හැමෝටම ගැස්ට්‍රයිටිස් රෝගය සෑදෙන්නේ නැතිවාක් මෙන්ම එසේ සිටීම ගැස්ට්‍රයිටිස් රෝගයට ආරාධනා කිරීමක්ද වෙනවා. මීට අමතරව මද්‍යසාර භාවිතය, සමහර ඔෟෂධ පෙති වර්ග නොකඩවා ලබාගැනීම, මානසික ආතතිය, අපිරිසුදු ජලය පානය, මැස්සන් වැසූ ආහාර වර්ග ගැනීම, ආමාශයේ හා අන්ත්‍රවල නොයෙක් ආබාධ තත්ත්ව ආදියද රෝගයට හේතු වෙනවා.

ගැස්ට්‍රයිටිස් රෝග ප්‍රතිකාරයේදී මුලින්ම කළ යුත්තේ විෂම තත්ත්වයට පත්වූ පිත සමඟ වාතය හා සෙම සමතුලිතතාවට පත් කිරීමයි. ඒ සඳහා ආමාශයික අම්ලය හා පිත බෙලහීනතාවට පත් කිරීමේ ඔෟෂධ ලබාදෙනවා. රෝගය උග්‍ර තත්ත්වයට පත්වී ඇත්නම් ආමාශයේ හා අන්ත්‍ර බිත්ති මත තුවාල සුව කිරීමටද ඔෟෂධ ලබාදිය යුතුයි.

ගැස්ට්‍රයිටිස් රෝගය මුල් අවස්ථාවේදී පහත කසාය සති දෙකක් බොන්න.

වැල්මී, ඉරමුසු, නෙල්ලි, කළාදුරු අල, කළං 3 බැගින් පත 8-1ට සිඳ උදේට සහ සවසට මී පැණි දමා බොන්න.

වෛද්‍ය

සජානි වාසනා

ප්‍රනාන්දු

BAMS (Hons) University of Kelaniya

ධන්වන්තරි ආයුර්වේදය _

බිම්බාරාම පාර,

පිළියන්දල

0718659179