අන්තරේ පා ගමනට ‘පහර දීම’ ගැන සරත් ෆොන්සේකා ආණ්ඩුවට දෙහි කපයි

3
657

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (අගෝ. 18) සංවිධානය කරනු ලැබ තිබූ විරෝධතා පා ගමන සම්බන්ධයෙන් බලධාරීන් ගත් පියවර පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.

එහි දක්වා ඇත්තේ, නිරායුධ සාමකාමී විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමනට පහර දී පළවා හැරීමට සන්නද්ධ පොලිස් හා විශේෂ කාර්‍ය බළකා සෙබළුන් දහස් ගණනක් යෙදවීම රටක ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නොවන බවට කදිම නිදසුනක් බව ය.

එම සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.

“නිරායුධ සාමකාමී විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පෙළපාලියකට පහර දී පළවා හැරීමට සන්නද්ධ පොලිස් හා විශේෂ කාර්‍ය බළකා සෙබළුන් දහස් ගණනක් මේ ආකාරයෙන් යෙදවීම රටක ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නොවන බවට කදිම නිදසුනකි.

මැයි 9 වන දා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා මේ ආකාරයට ම මැර පිරිසක් යොදවා සාමකාමීව අවිහිංසාවාදීව පවත්වාගෙන ආ අරගලයට පහර දුන්නේ ය. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ වෙනුවට රජයේ සන්නද්ධ පොලිස් හා හමුදා කන්ඩායම් යොදවා ගනිමින් සිටියි.

මැයි 9 වන දා ප්‍රහාරයෙන් ඉක්බිති සිදුවූ දේ රට ම දුටුවේ ය.

මේ, පාර කපමින් සිටින්නේ ඊට ත් එහා ගිය බරපතළ ජනතා නැගිටීමකට අවශ්‍ය ඉඩකඩ නිර්මාණය කරමින් බව අදක්ෂ, අකාර්යක්ෂම, ජනතා ද්‍රෝහී පාලකයින් තේරුම් ගත යුතු ය.

පොලිසිය හා හමුදාව යොදවා ජනතාව අතරින් නැගී එන විරෝධතා මෙලෙස සන්නද්ධව මර්දනයට ලක් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය කිසි දිනෙක අනුමත නොකරනු ඇත.

ජාත්‍යන්තර සහය අත්‍යාවශ්‍ය මෙවන් මොහොතක මෙවැනි අනවශ්‍ය මර්දනකාරී ප්‍රතික්‍රියාවන්ගේ බලපෑම සමස්ත රට වැසියා තවදුරට ත් පීඩාවට පත් කරනවා නොඅනුමාන ය.”

ඊයේ පැවති විරෝධතාව අතරතුරදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ‍12 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව වූහ.

එම පිරිස අතර අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය නියෝජනය කරන භික්ෂුන් වහන්සේ කිහිප නමක් ද සිටි බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

විරෝධතාව විසුරුවා හරින අතරතුර විරෝධය පළ කිරීමට එක්ව සිටි රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි හා තව ත් කිහිප දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබූ අතර පසුව ජෙහාන් අප්පුහාමිව මුදාහැරීමට පොලිසිය කටයුතු කර තිබිණි.

කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ (අගෝ. 18) දහවල් කොළඹ ලිප්ටන් වටරවුමේ සිට විරෝධතා පා ගමනක නිරත විය.

3 COMMENTS

  1. Students must not waste their time ,instead of learning.
    They are not allowing to do any thing in the country, All our students are going abroad to do medicine and other courses. These guys are always against establishing medical colleges in our country.
    Our students are going Nepal,India and many countries after incurring heavy foreign money.
    These student unions should be scarped completely Follow the method how China had controlled university student by firing all China Army

  2. මු දේෂපාලන වාසි ගන්න ඔහේ කටමැත දොඩවනවා…එක කාලයක් ඔය වගේම තමන්ගේ පක්ෂයක් හදාගෙන ගොඩයන්න ට්‍රායි කරලා ගෑණිව ඉස්සරහට දාගෙන වැඩකරලා ජන්දෙන් ඇපත් නැතිවෙලා පස්සේ එක්සත් ජාතික පක්ෂෙට පිං සිදුවෙන්න යන්තම් පාර්ලිමේන්තුවට රිංග ගත්තා…යුද්ධ කාලේ අපේ වැඩ කොටස හරියට කලා ප්‍රභාකරන් ඉන්දියාවට පැනලා නාවික හමුදාවෙන් හරියට වැඩේ කරලා නැහැ කියලා අතහෝදගන්න හැදුවා…දැන් අන්තරේ කියන වැද්දෝ එක්ක ගොඩයන්න බලනවා…කාලකන්නි අපි දුක් මහන්සි වෙලා ඩෝලර් රටට එවනවා මේ බුරුවෝ එක එකාගේ රෙදි හෝදනවා….එකම එක ඩෝලරයක් වත් හොයලා දීපල්ලකෝ රට වෙනුවෙන් මාධ්‍ය සන්දර්ශන නොදා….කොහේද මේ බල්ලත් උඩු බුරනවා තප්පුලනවා එච්චරමයි දන්නේ බැලුවම මුත්…සිංහයා වෙන්න ගියාට තනිකරම නරි……

Comments are closed.