ජැක්සන් ඇන්තනීගේ සුව දුක් විමසීමට ජනපති රෝහලට යයි (PHOTOS)

0
268

හදිසි අනතුරකට ලක් වී බරපතළ තුවාල ලබා සිටින ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ සුව දුක් බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (අගෝ. 19) පෙරවරුවේ කොළඹ ජාතික රෝහලට ගොස් තිබේ.

ජැක්සන් ඇන්තනී ප්‍රතිකාර ලබමින් සිටින රෝහල් කාමරය වෙත ගොස් ඇති ජනාධිපතිවරයා ඔහුගේ ප්‍රතිකාර සම්බන්ධයෙන් සොයා බලා ඇති අතර වෛද්‍යවරුන්ගෙන් ඒ සම්බන්ධයෙන් විමසා ඇත.

එමෙන් ම, ජැක්සන් ඇන්තනීගේ පවුලේ සාමාජිකයින් සමග කෙටි සුහද සාකච්ඡාවක ද ජනාධිපතිවරයා නිරත වී තිබේ.

ජූලි මස 2 වන දා අනුරාධපුර තලාව ප්‍රදේශයේදී රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ගමන් ගත් කැබ් රථය වන අලියෙකුගේ ගැටී අනතුරට ලක් වී තිබිණි.

අනතුරින් ජැක්සන් ඇන්තනීගේ ගෙළේ අස්ථි බිඳීමක් සිදු වී තිබුණු අතර ඔහුව ශල්‍යකර්මයකට ද භාජනය කර තිබිණි.