සඳුඳා සිට බිත්තර මිල පහළට

1
412

ලබන සඳුදා (අගෝ. 22) සිට බිත්තර මිල පහත දමන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

mawbima.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති සරත් රත්නායක සඳහන් කළේ, බිත්තර මිල රු. 5කින් පහළ දැමීමට සිය සංගමය තීරණය කළ බව ය.

ඒ අනුව, මේ වන විට වෙළෙඳපොළේ රු. 60ටත් 61ත් අතර මිලකට අලෙවි වන බිත්තරයක මිල රු. 56ත් 55ත් දක්වා පහළ යනු ඇතැයි සභාපතිවරයා පැවසීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව සිය සංගමය මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළේ ය.

රත්නායක මහතා වැඩිදුරට ත් ප්‍රකාශ කළේ, බිත්තර නිෂ්පාදනය සඳහා අවශ්‍ය සහන ලබා දෙන බවට එහිදී අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වූ බව ය.

1 COMMENT

Comments are closed.