අන්තරේ විරෝධතාවේදී අත්අඩංගුවට ගත් 16කට ඇප: වසන්ත ඇතුළු තිදෙනෙකුට රැඳවුම් නියෝග ඉල්ලයි

2
170

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඊයේ (අගෝ. 18) සංවිධානය කරන ලද විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් සැකකරුවන් 16 දෙනෙකු ඇප මත මුදාහැර තිබේ.

ඒ, සැකකරුවන් අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ටී.එන්. ඉලංගසිංහ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

ඔවුන් අතරින් ගල්වැව සිරිධම්ම හිමි, වසන්ත මුදලිගේ, හෂාන්ත ජවන්තු ගුණතිලක යන සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කර ඇත.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් ඊයේ පස්වරුවේ කොළඹදී පැවති විරෝධතාවක් අතර තුර අත්අඩංගුවට ගෙන තිබිණි.

2 COMMENTS

Comments are closed.