සිපෙට්කෝ දූෂණවලට එරෙහිව කංචන CIDයට

0
54

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ඉල්ලමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (18දා) පැමිණිලි කොට තිබේ.

ඉන්ධන මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලිය, ටෙන්ඩර් ඇගයීම, ඇණවුම් ලබා නොදීම, සැපයුම්කරුවන් තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටිය, ගෙවීම් ප්‍රමාදය, බෙදාහැරිමේ අක්‍රමිකතා සහ විවිධ පාර්ශ්ව මේ සම්බන්ධයෙන් සිදුකළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ඉල්ලමින් අමාත්‍යවරයා මෙම පැමිණිල්ල සිදුකොට ඇත.

පසුගිය කාලසීමාව පුරා සිදුවූ යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් මෙහිදී එම අමාත්‍යාංශය අවධානයෙන් සිට මෙකී කරුණු සම්බන්ධයෙන් මෙලෙස විමර්ශන ආරම්භ කිරීම සඳහා අමාත්‍යවරයා මෙලෙස අපරාධ පරීක්‍ෂණ දෙපර්තමේන්තුවට පැමිණිලි සිදුකොට තිබේ.

චාමර අමරසූරිය