සබරගමු මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ මහ පෙරහර සැප්. 6 වැනිදා

0
20

පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය වැනි කරුණු නිසා වසර කිහිපයක්ම නිසි ලෙස පැවැත්වීමට නොහැකි වූ සබරගමුව මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මෙවර උත්සවාකාරයෙන් පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බැවින් යළි හිස ඔසවමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස පිළිපදිමින් පෙරහර නැරඹීමට පැමිණ දේවාර්ශීර්වාදය ලබාගන්නා මෙන් සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර බණ්ඩාර ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

797 වැනිවරට මෙවර පැවැත්වෙන සබරගමුව මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ මහ පෙරහර මංගල්‍යය මේ මස 26 වැනි දින කරන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයෙන් ආරම්භ කිරීමට නියමිත අතර ඒ අනුව 27 වැනි දින මහ සඟරුවන විෂයයෙහි පවත්වන සපිරිකර සහිත මහා සඟසතු හීල දානමය පින්කම කර 28 වැනි දින පෞරාණික කප් සිටුවීමෙන් පසු කඩ වෙන්දේසිය කර මෙවර පෙරහර ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත. මෙම මස 28දා සිට 31දා දක්වා කුඹල් පෙරහර මංගල්‍යයද, සැප්තැම්බර් 01දා සිට 05දා දක්වා වීථි පෙරහරද, සැප්තැම්බර් 06දා සිට 10දා දක්වා මහ පෙරහරද පවත්වා සැප්. 11දා දිය කැපීමේ මංගල්‍යය සිරිත් පරිදි ඓතිහාසික රතඹලඇල්ල තොටුපළින්  චාරිත්‍රානුකූලව කර දහවල් පෙරහර  ගෙට ගෙවදීමෙන් මෙවර ඇසළ පෙරහර  නිමාවට පත්වීමට නියමිතය.

කුරුවිට – කේ.ඒ.එස්. පියතිලක