ශ්‍රී  ලංකා පැරා පිල ඉන්දියාවට

0
9

ඉන්දියාවේ බැංග්ලෝරයේදී පැවැත්වීමට නියමිත සිවුවැනි ඉන්දීය විවෘත පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය නියෝජනය කිරීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනකුගෙන් සමන්විත ශ්‍රී  ලංකා පිල පෙරේදා (17දා) මවුබිමෙන් පිටත්ව ගියේය.

ශ්‍රී  ලංකා කණ්ඩායමට පැරා ඔලිම්පික් පදක්කම්ලාභී සමිත දුලාන්, එන්.බී. ඉන්ද්‍රපාල, අනිල් ප්‍රසන්න, නුවන් ඉන්දික, ප්‍රදීප් සෝමසිරි, සමන් මධුරංග, ධනංජනා වික්‍රමසිංහ, කුමුදු ප්‍රියංකා සහ තිසාරා ජයසිංහ යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව තිබිණි.