වැඩි කළ විදුලි බිලෙන් දැඩි බලපෑමක් ඇත්තේ අඩු ආදායම්ලාභීන්ට

0
16

වැඩි කළ විදුලි බිලෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ අඩු ආදායම්ලාභීන්ට බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල සඳහන් කරයි. භාවිත කෙරෙන විදුලි ඒකක ගණන අඩුම පිරිසගේ විදුලි බිල්පත වැඩි වශයෙන් වැඩි කරමින් රජය මේ ඔස්සේ විශාල ලාභයක් ලබන බවද හෙතෙම කියා සිටී.

කෙසේ නමුත් විදුලි ඒකක වැඩි ගණනක් භාවිත කරන්නන්ගේ විදුලි බිල්පතේ සැලකිය යුතු වැඩි වීමක් පෙන්නුම් නොකරන බවත් එම නිසා මෙම වැඩි කිරීමෙන් දිළි¾දු පවුල් රැසක් දැඩි අපහසුතාවට මුහුණදෙන බවද ඔහු පවසයි.

 මෙම අසාධාරණ මිල වැඩි කිරීම් ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

චාමර අමරසූරිය