වනිඳු හා මහීෂ් ලෝක කුසලානයට යද්දී දික්වැල්ල CPL යයි

0
10

ශ්‍රී  ලංකා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල එළැඹෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව එළැඹෙන (CPL) ක්‍රිකට් තරගාවලියේ සෙන්ට් ලුසියා කිංස් කණ්ඩායම නියෝජනය කිරීම සඳහා දික්වැල්ලට අවස්ථාව හිමිවේ. දික්වැල්ලට අමතරව වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ සහ සික්කුගේ ප්‍රසන්න යන ශ්‍රී  ලංකා දඟ පන්දු යවන්නන් ද සී.පී.එල්. තරගාවලියේ කණ්ඩායම් සඳහා තෝරාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී  ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව තිබීම හේතුවෙන් වනිඳු හසරංගට සහ මහීෂ් තීක්ෂණට මෙවර සී.පී.එල්. ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වීමේ අවස්ථාව හිමි නොවනු ඇති බවද ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

දින 31ක් පුරා කණ්ඩායම් 6ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක වන කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය එළැඹෙන අගෝස්තු 31 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇත.