රනිල් ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රශ්නවලට විසඳුම් ලබාදීලා

0
26

පසුගිය සමයේ රටේ ඇති වූ ප්‍රශ්නවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව සාර්ථකව විසඳුම් ලබාදී ඇතැයි ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසයි.

ඊයේ (18දා) කොළඹ පැවැති ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකදී මන්ත්‍රිවරයා මෙම අදහස් පළකළේය.

එහිදී හෙතෙම මෙසේද කීවේය.

අපි දැක්කා රට ජන අරගල නිසා මාස 04ක් අකර්මණ්‍ය වෙලා තිබුණා. ආණ්ඩු විරෝධී අරගලවලට සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය, වෘත්තීය සමිති, බහුජන සංවිධාන, ආගමික නායකයන්, කලාකරුවන් සම්බන්ධ වුණා. හැබැයි මේ කිසිකෙනෙක් මේ ප්‍රශ්නවලට උත්තර සොයාගෙන ආවද? ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විපක්ෂ නායකතුමාට ආරාධනා කළා අගමැතිකම භාර අරගෙන එතුමාගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න කියලා. තුන්වැනි ලියුමත් ලියලා කර ඇරියා.

මාධ්‍ය සාකච්ඡාවල පිකාසෝ විදිහට සලකන තිස්ස අත්තනායක මැතිතුමා පහුගිය දවසක ගෙදරට මාධ්‍යවේදීන් කැඳවලා ආණ්ඩුවට අවශ්‍ය බලය රැකගැනීම විතරයි ජාතික  වැඩපිළිවෙළක් නෑ කිව්වා. එතුමාට කියන්න කැමැතියි ජනාධිපතිතුමන් රාජාසන කතාව ඉදිරිපත් කරපු දෙයින් පෙනෙනවා මේ බි¾දුණු ආර්ථිකය ගොඩනැඟීම සඳහා ක්‍රියාවට නැංවීමට අපේක්ෂිත ජාතික වැඩපිළිවෙළ කියලා. ඒ නිසා කටට ආවට කතා කරන්න එපා ඔබලාගේ නායකතුමා වගේ.

පහුගිය දවසක ජාතික භික්ෂු පෙරමුණ මල්වතු – අස්ගිරි මහ නාහිමිවරු බැහැදැකලා මේ ශ්‍රී අ ක්‍රමය හාල් පොත වගේ කියලා කිව්වා. අපි ප්‍රශ්නවලට උත්තර හොයන ආණ්ඩුවක් මිසක්  අපි හිඟන්නගේ තුවාලය පෙන්නලා බලය ලබා ගන්න වෙහෙසන ආණ්ඩුවක් නොවේ. ඒ නිසා දැන්වත් ඔබලා ඔය පෙන්නන හිඟන්නගේ තුවාලෙට හොඳ ‍ෙදාස්තරවරයෙක් පෙන්නලා බෙහෙත් ටිකක් දාගන්න.

අපි දන්නවා පහුගිය කාලසීමාව තුළ අපි අතිවිශාල ප්‍රශ්න සංඛ්‍යාවකට මුහුණ දුන්නා. මේ ආර්ථික අර්බුදය ආරම්භය ලෝක ඛනිජ තෙල් වෙළෙඳපොළේ මිල ඉහළ ගිහින් තිබුණ නිසා. අපිට අපනයන ආදායම් විදිහට ලැබෙන්න තිබුණු හැම අවස්ථාවක්ම බිඳවැටුණා. සංචාරක කර්මාන්තය බිඳවැටුණා. විදේශ ප්‍රේෂණ නැති වුණා. ඒ නිසා තෙල් ටික ගෙන්න ගන්න අපිට සංචිත තිබුණේ නෑ. ඒ නිසා තමයි අපි දැක්කේ දවස් තුන හතර පෝලිම්. ඒ නිසා අපිට ඕනකම තිබුණා තිරසර වැඩපිළිවෙළක්. ඒ තිරසර වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා තමයි මේ නවීන විද්‍යාත්මක ක්‍රමවේදය හඳුන්වලා දෙන්නෙ මේ තෙල් බෙදාහැරිමේ ගැටලුවට තිරසර විස¾දුමක් ලෙස. මෙමඟින් අපි උත්සාහ කළා මේ හැම කෙනකුටම සාධාරණ ලෙස කිසියම් ක්‍රමවේදයකට යටත්ව ඉන්ධන ලබාදෙන්න.

දැන් ආපහු රාජපක්ෂවරු භීතිකාවක් ඇතිවෙලා තිබෙනවා. කලින් කලට ඇතිවෙලා නැතිවෙලා යනවා. ඒ නිසා තව පාරක් රාජපක්ෂවරු ඉලක්ක කරගෙන විශාල මෙහෙයුමක් සිදුවෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන්න, නීතියේ ආධිපත්‍ය බිඳ දමන්න, නීතිය නමන්න, අධිකරණවලට බලපෑම් කරන්න කල්ලි කණ්ඩායම් ඉතාම සූක්ෂම ලෙස තීරණාත්මක ලෙස කටයුතු කරනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්. ඒ නිසා කරුණාකරලා මේ පිළිබඳව මේ රටේ මහජනතාව දැනුවත් කරන්න. අපි පක්ෂයක් විදිහට ස්වාධීන අධිකරණය පිළිබඳව දැඩි විශ්වාසයකින් කටයුතු කරන්නේ. අපිට අධිකරණයට බලපෑම් කිරීමේ චාරිත්‍රයක් නෑ.”

පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි,

“දැනට රටේ තිබෙන තත්ත්වය සීයට සියයක් ප්‍රශ්න විස¾දුණේ නැති වුණාට ජනතාවට අවශ්‍ය පරිදි ගෑස් ටික බෙදාහැරීමේ වැඩපිළිවෙළ දැන් ආරම්භ වෙලා තිබෙනවා. පොහොට්ටුවේ ආණ්ඩුව තමයි මේ රටේ ආර්ථිකය විනාශ කළේ කියලා කිව්වා. හැබැයි ඒ චෝදනාව අපිට එල්ල කරන වෙලාවේ අපි එයින් පලා යන්නේ නැතිව අපි මේවට පිළිතුරු හොයනවා. ඒ නිසා අපි ගෑස්, තෙල් ප්‍රශ්නය යම් ප්‍රමාණයකට විසඳලා තිබෙනවා.

මාධ්‍යවේදීන්ගෙන්, ස්වාමීන් වහන්සේලාගෙන්, අගරදගුරුන්ගෙන්, දේශපාලනඥයන්ගෙන් කරුණාකරලා ඉල්ලා සිටිනවා රට අවුස්සන්නේ නැතිව මේ ප්‍රශ්නය නිවලා ඊට පස්සේ මැතිවරණයකට යමු කියලා. මේ රටේ දේපාලනයේ අනාගතය අද දවසේ කියවන නායකයෙක් තමයි බැසිල් රාජපක්ෂ කියන්නේ. ඒක තමයි භීතිකාව. ඒකනේ තලතා අතුකෝරාල කියන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා හොරකම් කළා කියලා.  ජනාධිපතිතුමාට කියනවා ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය