යාපනේ පාසල් සිසුවියන් දෙදෙනකුට අතවර කළ බස් සේවකයන් 5ක් රිමාන්ඩ්

0
15

යාපනයේදී පාසල් සිසුවියන් දෙදෙනකු ලිංගික අපයෝජනයට ලක්කළ බස් රථ රියැදුරන් හා කොන්‍ෙදාස්තරවරු පස් දෙනෙක් යාපනය පොලිසිය විසින් 17දා අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

මුලතිව්, පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ සිට යාපනයට ගිය  වයස අවුරුදු 15ක් හා 16ක් වූ මෙම සිසුවියන් දෙදෙනා  බස් රථ සේවකයන් විසින් අසල පිහිටි පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් ලිංගික අතවර කරනු ලැබ තිබේ.

මහජනතාවගෙන් ලද තොරතුරක් මත පොලිසිය ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගෙන යාපනය මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් පස්දෙනා සැප්තැම්බර් මස 01 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසටත් පාසල් සිසුවියන් දෙදෙනාද රෝහල් ගත කොට වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් පොලිසියට නියෝග කොට ඇත.

යාපනය පොලිසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.

වවුනියාව – රසාදි චතුරංගි ගමගේ