බාලක ශූරතාව ශා.තෝමස්ට: බාලිකා ශූරතාව විශාකාට

0
13

ශ්‍රී  ලංකා පාසල් හොකී සංගමය විසින් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමඟින් සංවිධානය කරන ලද අවුරුදු 20න් පහළ බස්නාහිර පළාත් පාසල් හොකී ශූරතා තරගාවලියේ බාලක ශුරතාව දිනා ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සමත් වූ අතර, එහි කාන්තා ශූරතාව කොළඹ විශාකා විද්‍යාලයට හිමි විය. කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික් නියෝජනයක් සමඟින් කොළඹ කෘත්‍රිම හොකී පිටියේ පැවැති මෙම තරගාවලියේ පිරිමි අවසන් මහා තරගය සඳහා සාන්ත තෝමස් විදුහල සහ මරදාන සාන්ත ජෝසප් විදුහල සුදුසුකම් ලබා ගත්තේය. එහිදී ගෝල 2-0ක ජයක් සාන්ත තෝමස් විදුහලට හිමිවූ අතර, සාන්ත ජෝසප් පිල අනුශූරතාව හිමිකරගත්තේය.

එමෙන්ම ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවැති තරගයේදී මීගමුව මාරිස්ටෙලා විදුහලට එරෙහිව දඬුවම් පහර 6-5ක ජයක් වාර්තා කර ගැනීමට බම්බලපිටිය සාන්ත පීතර විදුහල සමත් විය.

එමෙන්ම කාන්තා අවසන් මහා තරගයේදී නාවල ජනාධිපති බාලිකා විදුහලට එරෙහිව ගෝල 1-0ක තියුණු ජයක් විශාකා බාලිකාවන්ට හිමිවිය. එහි ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවැති තරගයෙන් කොළඹ මියුසියස් විදුහලට කොළඹ කාන්තා විදුහලට එරෙහිව ගෝල 1-0ක ජයක් හිමි විය.