පාසල් ළමයින්ට ගංජා විකිණ­ූ අයෙක් STF දැලේ

0
10

පාසල් ළමයින් ඉලක්ක කරගෙන කේරළ ගංජා විකුණමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත්ව ඇත.

විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරි නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බුද්ධි කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ධනුෂ් රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් තලංගම පොලිස් වසමේ තලවතුගොඩ සාලින්ද දිසානායක මාවතේදී වැටලීමක් සිදුකර ඇත.

පාසල් ළමයින් ඉලක්ක කරගෙන කේරළ ගංජා අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටි  රත්මලාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 47 පුද්ගලයකු කේරළ ගංජා ග්‍රෑම් 122, මිලිග්‍රෑම් 710ක්, විද්‍යුත් තරාදියක්, මුදලින් රුපියල් 13,580ක් ද සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තලංගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.