පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

0
14

දිවයිනේ මධ්‍යම, උෟව, නැඟෙනහිර සහ උතුරු මැද පළාත්වල අද (19දා) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය.

ඊට අමතරව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 40-45 දක්වා වැඩිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට රළුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

චන්දන ලක්මාල්