අයැදුම්පත් 29දා අවසන්

0
10

කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන නිපෝන් පේන්ට් කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය එළැඹෙන සැප්තැම්බර් මස 16 වැනිදා සිට දින තුනක් කොළඹ 7 විශ්ව විද්‍යාල ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

නිපෝන් පේන්ට් ලංකා පෞද්ගලික සමාගම විසින් අනුග්‍රාහකත්වය දරන මෙම තරගාවලියේ ශූරතාව හා අනුශූරතාව දිනාගන්නා කණ්ඩායම්වලට කුසලාන සහ ත්‍යාග පිරිනැමෙන අතර, අනිකුත් කණ්ඩායම් සඳහාද ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

අයැදුම්පත් අගෝස්තු 29දායින් අවසන් වන අතර, වැඩි විස්තර සභාපති රෝහිනි ප්‍රනාන්දු 0777357580 හෝ ලේකම් බන්දුල අමරසිංහ 0714765654 අමතා දැනගත හැකිය.