අපි සතර අගතියෙන් මිදෙමු

0
18

පාලකයකුගේ ප්‍රධාන කාර්යය ජනතා සුබසිද්ධිය සැලසීමයි. මේ සඳහා පාලකයන් අනුගමනය කළ යුතු සීල පද්ධති දෙකක් පිළිබඳව බෞද්ධ පොත්පත්වල සඳහන් වේ. සතර අගති නමින් හැඳින්වෙන එක් පද්ධතියක් “අයහපත් ක්‍රියාවන්ගෙන් වැළකීම” පිළිබඳ වූ චාරිත්‍ර අයත් වෙයි. එම චාරිත්‍ර ශීලයට අයත් අගති නම්,

1. ඡන්ද                3. බය

2. ‍ෙදා්ෂ                4. මෝහ යන්නයි.

යුක්තිය, සාධාරණත්වය නොසලකා තමාගේ ඕනෑ එපාකම් අනුව ස්වකීය අභිමතයට අනුව බොහෝ පාලකයන් කටයුතු කරයි. එලෙස කටයුතු කිරීම ඡන්දයෙන් අගතියට යෑමකි. ඒ අයුරින් පාලකයන් තමාගේ අභිමතයට අනුව කටයුතු කිරීමට ගොස් තමාගේ රාජ්‍ය බිඳවට්ටවා ගැනීම අතීතයේ පටන්ම අපිට දැකගන්න පුළුවන් කරුණකි. එසේම සුදුස්සාට සුදුසු තනතුරු ලබා නොදී හිතවත්කමට, නෑදෑකමට හෝ තමාට ලැබිය හැකි වාසි සලකා නුසුදුසු පුද්ගලයන්ට තනතුරු පැවැරීමද ඡන්දයෙන් අගතියට යෑමක් ලෙස පෙන්වා දිය හැකිය.

‍ෙදා්ෂ යනු තරහව හෙවත් ද්වේෂයයි. ද්වේෂයෙන් යුක්තවූ විට මධ්‍යස්ථ සාධාරණ තීරණ ගත නොහැකි වෙයි. කිසිදු අවස්ථාවකදී පාලකයකු ද්වේෂයෙන් යුතුව තීරණ නොගත යුතුය. එසේ වුවහොත් එම තීරණ නිසා රාජ්‍ය බිඳ වැටීමට පත්විය හැකිය. රටේ ජනතාවට තමන් අතින් සාධාරණය ඉටු නොවන කල පාලකයන්ගේ බිය වැඩිවේ. බියට පත්වූ එබ¾දු පාලකයන් අන්‍යයන් කෙරෙහි සැක පහළ කොට කල්තියාම ඔවුන් විනාශ කිරීමට උත්සාහ දරයි. මේ බිය නිසා අගතියට පත්වීමකි. කිසිදු පාලකයකු බියගුල්ලෙක් නොවිය යුතුය. ජනතාව කෙරෙහි සිතා එඩිතරව තීරණ ගැනීමේ හැකියාවක් පාලකයා සතුවිය යුතුයි. මෝහය යනු මෝඩකමයි. බොහෝ අකුසලයනට මෝහය මුල් වේ. යුක්තිය – අයුක්තිය තෝරා බේරා ගැනීමට නොහැකි වීම නිසා සමහර පාලකයෝ අගතියට වැටෙති. දුරදිග නොබලා මෝහයෙන් යුක්තව ගන්නාවූ තීරණ හේතුවෙන් රාජ්‍යයේ ජනතාවට විවිධ කරදරවලට මුහුණ දීමට සිදුවේ.

ඡන්ද, ‍ෙදා්ෂ, බය, මෝහ යන සතර අගතියට නොගොස් රජ කරන රජුන්ගේ කීර්තිය පුරපක්ෂයේ සඳ මෙන් වැඩෙන බව දීඝ නිකායේ මේ  පාඨයෙන් පෙන්වා දිය හැකිය.

”චන්දා ‍ෙදා්සා භයා මෝහා

යෝ ධම්මං නාතිචයතති

ව ඩති තස්ස යසෝ

සුක්ඛ පක්ඛේච චන්දිමා”

පාලකයන් නිරන්තරයෙන් රාජ්‍යයෙත් ජනතාවගෙත් සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කළ යුතුයි. සතර අගතීන්ගෙන් තොරව පාලන කටයුතු ගෙන යෑම එම රාජ්‍යයේ අභිවෘද්ධියට හේතු වේ. පාලකයකු පමණක් නොවේ සාමාන්‍ය පුරවැසියන් වන අපද සතර අගතීන්ගෙන් මිදිය යුතුය. නැතහොත් අපද පිරිහීමට පත් වේ.

රුවන් පුෂ්පකුමාර