අගලවත්තේ නිවෙසක හිමිකරුගේ මළ සිරුර දින දෙකක් තිස්සේ මේසයක් යට

0
10

අගලවත්ත මහගම ප්‍රදේශයේ නිවෙසක් තුළ සැකකටයුතු ලෙසින් මියගොස් තිබූ පුද්ගලයකුගේ මළ සිරුරක් පෙරේදා (17දා) පස්වරුවේ හමු වූ බව අගලවත්ත පොලිසිය පවසයි.

මියගොස් ඇති තැනැත්තාගේ නිවෙස දෙසින් අධික දුර්ගන්ධයක් හමන බවට ලද තොරතුරක් මත පරීක්ෂා කිරීමේදී සාලයේ මේසයක් අසල උඩුබැලි අතට බිම වැටී තිබූ මළ සිරුර හමු වූ බව පොලිසිය කියයි.

දින දෙකකට පමණ පෙර මොහු මියයන්නට ඇති බවට සැක කරන බවත් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළසිරුර කළුතර ශික්ෂණ රෝහලට යොමු කළ බවත් පොලිසිය පවසයි.

මියගොස් සිට ඇත්තේ අගලවත්ත, මහගම එගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි නාඩිගේ කුලරත්න නමැති 69 හැවිරිදි අවිවාහකයෙකි. අගලවත්ත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේරත්න මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

පොතුපිටිය – සුමිත් රණවක