ඩයස්පෝරා කාර්යාලයක් ලංකාවේ පිහිටුවන්න ජනපති තීරණය කරයි

0
367

ශ්‍රී ලංකාවේ ඩයස්පෝරා කාර්යාලයක් පිහිටුවීමට තීරණය කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙරේදා (අගෝ. 16) කොළඹදී ප්‍රකාශ කළේ ය.

ඩයස්පෝරාවේ ගැටලු හා අපේක්ෂා කවරේ ද යන්න සොයා බැලීම සඳහා මෙම කාර්යාලය පිහිටුවීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා කීය.

“ඔවුන් ශක්තිමත්, ආයෝජන මූලාශ්‍රයක් බව ත්, ඔවුන් දෙස අප බැලිය යුතු” බව ත් ඔහු තවදුරට ත් සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී අගෝ. 16දා පැවති ‘විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනය සංවිධානය කළ 2022 සම්මාන උළෙල’ අමතමිනි.

එහිදී වැඩිදුරට ත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා කියා සිටියේ, ජනවර්ග අතර ගැටලු විසඳිය යුතු බවත් 2009දී යුද්ධය අවසන් කළ බැවින් යළි යුද්ධ නොකළ යුතු බවත් ය.