කංචන CID යයි

2
1210

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ක්‍රියකාරම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණූමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

ඉන්ධන ප්‍රසම්පාදනය, යෝජනා ඇගයීම, ඇණවුම් ලබා නොදීම, සැපයුම්කරුවන් තෝරා ගැනීම, ගෙවීම් ප්‍රමාද කිරීම, බෙදා හැරීමේ අක්‍රමිකතා සහ පුද්ගලයින් සිදු කළ චෝදනා සම්බන්ධයෙන් ද විමර්ශනයක් කරන ලෙස සිය පැමිණිල්ල මගින් ඉල්ලීමක් කළ බව ඔහු නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරට ත් දැක්වේ.

2 COMMENTS

  1. මේ දක්වා පත්කරලා තිබෙන commission හෝ දාපු නඩු වලට වෙච්ච දේට වඩා යමක් මෙයටත් නොවේවි…
    Sorry Minister…
    Your effort is highly appreciated.

Comments are closed.