IMF ගැන අලුත් බලාපොරොත්තුවක් (VIDEO)

0
805

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙම මස අවසානයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (අගෝ. 18) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය මූල්‍යාධාර ලබා ගැනීම සම්බන්ධයෙන් වන ප්‍රතිපත්ති පිළිබඳ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමක් සම්පූර්ණ කර ළඟා කර ගැනීමේ අභිප්‍රාය ඇතිව ඔවුන් මෙරටට පැමිණෙන බව මහ බැංකු අධිපතිවරයා පැවසීය.

ඔහු සඳහන් කළේ, ඉන් පසුව ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන් වෙත ප්‍රවේශ වීම ආරම්භ කරන බව ය.

ශ්‍රී ලංකාව දැනටමත් ණය හිමියන් වෙත ළඟා විය යුතු ඉලක්කවලට සහ ප්‍රතිපත්තිවලට ළඟා වී ඇති බව ඔහු පැවසීය.

කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹීමෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය යහපත් අතට හැරෙනු ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ ය.