වෙළෙඳපොළේ තිබෙන බෙහෙත් වර්ග තුනක් උත්සවාකාරයෙන් ඇමැතිට යළි හඳුන්වා දීලා

0
22

ඔෟෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව නිපදවූ ඔෟෂධ තුනක් වෙළෙඳපොළට හඳුන්වා දුන් බව පැවැසුවද එම ඔෟෂධ දැනටමත් වෛද්‍ය සැපයීම් අංශය මඟින් රෝහල් වෙත බෙදාහරින ඔෟෂධ බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය  චෝදනා කරයි. 

එසේ තිබියදීත් සෞඛ්‍ය අමාත්‍යවරයා තවත් උත්සවයක් පවත්වා එම ඔෟෂධ අලුතෙන්ම දේශීයව නිපදවූ ඒවා බව හඳුන්වා දීම පිළිබඳව එම සංගමය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත ලිපියක් යොමුකරමින් කරුණු දක්වා ඇත.

ඔෟෂධ නීතිගත සංස්ථාව අලුතින්ම නිෂ්පාදනය කළ ඔෟෂධ තුනක් වෙළෙඳපොළට හඳුන්වාදීමේ උත්සවය සැබෑවටම ඔෟෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නොහැකියාව වසා ගැනීමට සෞඛ්‍ය ඇමැතිවරයාගේ නිල බලය අවභාවිත කිරීමක් බව එම සංගමය සිය ලිපියෙන් චෝදනා කර  සිටී.

එම ආටෝපකාරී ක්‍රියාවලිය පිළිබදව විධිමත් විමර්ශනයක් සිදු කරන මෙන්ද එම සංගමය සිය ලිපිය මඟින් ඉල්ලීමක් කර ඇත.

ඔෟෂධ නිෂ්පාදනය මේ මොහොතේ වඩ වඩාත් වේගයෙන් සිදුකළ යුතු කාර්යයක් වුවත් පසුගියදා අලුතින්ම නිෂ්පාදන කළ බව පැවැසූ ඔෟෂධ මීට බොහෝ කාලයකට පෙර එම සංස්ථාව විසින්ම නිෂ්පාදනය කරන ලද ඒවා බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ‘මව්බිම’ට පැවැසීය.

පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරයා නැවතත් වෙළෙඳපොළට හඳුන්වාදුන් ගැස්ටි්‍රක් ආම්ලිකතාව සඳහා භාවිත කෙරෙන ඔම්ප්‍රසෝල් (ර්ණීථනඥපධලධතඥ 20ථඨ) ඔෟෂධය, රාජ්‍ය ඔෟෂධ නිෂ්පදන නීතිගත සංස්ථාව නිපදවමින් සිටින්නේ 2020 වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට බවද හෙතෙම පැවැසීය.

එම ඔෟෂධය පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය  ඇමැතිවරිය විසින්ද හඳුන්වාදීමට කටයුතු කළ බවද හෙතෙම කීය.

එමෙන්ම එම උත්සවයේදීම නැවත හඳුන්වා දුන් තයිරොක්සින් උෟනතාව සඳහා ලබාදෙන තඥමධබඩරපධයඪදඥ 50ථඨ නම් ඔෟෂධය, ඔෟෂධ නිෂ්පාදන සංස්ථාව 2022 අප්‍රේල් මාසයේදී එවකට රාජ්‍ය ඇමැති චන්න ජයසුමනගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී ද හඳුන්වා දුන් බව රවී කුමුදේශ් සඳහන් කළේය.

දැනටමත් මෙම ඔෟෂධ දිවයින පුරා රෝහල්වල භාවිත කරමින් තිබියදී, ඒ පිළිබඳව කිසිත් නොපවසමින් සෞඛ්‍ය අමාත්‍යවරයාව  දැනුවත්ව හෝ නොදැනුවත්ව රවටා ඇතැයිද රවී කුමුදේශ් චෝදනා කළේය.

ඔෟෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපතිවරයා දැන දැනම මෙම කටයුත්ත සංවිධානය කර ඇත්තේ ඔහුගේ නිල කාලය තුළ ඔෟෂධ නිෂ්පාදනය දිරි ගැන්වීම සඳහා කිසිදු සාධනීය මැදිහත්වීමක් සිදු නොකළ තත්ත්වයක් යටතේ යැයිද ඔහු පැවැසීය.

ආටෝප උත්සව මඟින් මහජනතාව ගොනාට ඇන්දවීමට ඉඩ නොහැර සැබෑ ලෙසම දේශීය වශයෙන් ඔෟෂධ නිෂ්පාදන දිරි ගැන්වීම සඳහා ඔෟෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව නඟාසිටුවිය යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

රටේ ඔෟෂධ ගැටලුව විසඳීම සඳහා ඔෟෂධ නිෂ්පාදනයේ වැදගත්කම හොඳින්ම දන්නා ඔෟෂධ නිෂ්පාදන සංස්ථාව එම කාර්යය සිදු කිරීම වෙනුවට ජනතාව රැවටීමට ලක් කිරීමට කටයුතු කිරීම පිළිබඳව සංගමයක් ලෙස තමන් කනගාටුවට පත්වන බවද ඔහු කීය.

මෙවන් රැවටිලි සහගත උත්සව පැවැත්වීම  හරහා දියත් කරනු ලබන උප්පරවැට්ටි මඟින් සෞඛ්‍ය අර්බුදය තව තවත් භයානක අඩියකට පරිවර්තනය වන්නේ යැයිද රවී කුමුදේශ් අවධාරණය කළේය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේ රට තුළ ඔෟෂධ නිෂ්පාදනය හිතාමතාම අධෛර්යයට පත් කළ බවටද  ඔහු චෝදනා කළේය.

එම කාලපරිච්ඡේදය තුළ කිසිදු සමාගමකට ඔෟෂධ නිෂ්පාදනය සඳහා ඉඩ ලබා දී නැතැයිද හෙතෙම කීය.

සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතාව අනුව නිලධාරීන් පත් නොකිරීම ඊට හේතුව යැයිද ඒ පිළිබඳව තමන් කලක සිට විවේචන සිදු කරමින් සිටින්නේ යැයිද රවී කුමුදේශ් කීය.

ඔෟෂධ ගෙන්වීමේදී ලැබෙන කොමිස් වාසිය හා කළමනාකරණ දුර්වලතාව හේතුවෙන් ඔෟෂධ නිෂ්පාදනයට එකඟව සිටි සමාගම් 30කට වැඩි ප්‍රමාණයක් එම කාලය තුළ එම කාර්යය අතහැර දමා ඇති බවද ඔහු පැවැසීය.

එකම සමාගමක් හෝ එම කාලය ඔෟෂධ නිෂ්පාදනයට එක්කර ගැනීමට සංස්ථාව අපොහොසත් වී ඇතැයිද ඔහු තවදුරටත් චෝදනා කළේය.

සවනි ශේශාධි