මයිලෝ ‘පාසල්’ ආධුනික ජල ක්‍රීඩා බාලක තරග හෙට සිට 21දා දක්වා

0
27

ශ්‍රී  ලංකා ජල ක්‍රීඩා සංගමය නෙස්ලේ ලංකා සමාගමේ (මයිලෝ) අනුග්‍රහයෙන් 14වැනි වරටත් පැවැත්වෙන ශ්‍රී ලංකා පාසල් ආධුනික ජල ක්‍රීඩා තරග මාලාවේ බාලක පිහිනුම් ඉසව් හා දිය පිහිනුම් ඉසව් හෙට (19දා) සිට 21 වැනිදා දක්වා සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වේ. කෙසේ වෙතත් මෙම තරගාවලියේ එක් කොටසක් එනම් බාලිකා තරග ඉසව් පසුගිය 13 හා 14 වැනිදා පැවැති අතර, 19 වැනිදා පැවැත්වෙන්නේ බාලක තරග ඉසව්ය. අවුරුදු 10න් සිට 20න් පහළ දක්වා තරග ඉසව් රැසකින් පැවැත්වෙන මෙම තරගාවලියේ සෑම ඉසව්වකම මුල් ස්ථාන 8 හිමිකරගන්නා ක්‍රීඩක-ක්‍රීඩිකාවන් සමස්ත ලංකා පාසල් පිහිනුම් තරගාවලියට සුදුසුකම් ලැබීමට නියමිතය.

මේ අතර කොරෝනා ව්‍යසනය හේතුවෙන් 2020 වසරින් පසුව මෙම තරගාවලිය පැවැත්වීමට නොහැකි වී තිබූ අතර, 2020 වසරේදී බාලිකා ඉසව්වලට පමණක් සීමා වූ තරගාවලියේදී කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට දෙවැනි වරටත් කොළඹ විශාකා විදුහල සමත්විය. එසේම අවසන් වරට එනම් 2019 වසරේදී පැවැති බාලක තරගාවලියේ කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට ගාල්ල රිච්මන්ඩ් විදුහලට හැකි වී තිබිණි.