පොල් කඩනවා කියා ඇවිත් ගෙවල් බින්ද හොරා දැලේ

0
23

කුලියට පොල් කඩන මුවාවෙන් ගොස් කළුතර විලේගොඩ ඇතුළු ප්‍රදේශවල ගෙවල් බිඳ භාණ්ඩ සොරකම් කළ පුද්ගලයකු සහ එම සොර බඩු ඉතා අඩු මිලට ගෙන ළඟ තබා ගත් කතුන් තිදෙනකු පෙරේදා (16දා) පස්වරුවේ කළුතර උතුර පොලිසිය  විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර විලේගොඩ ප්‍රදේශයේ විලේගොඩ සම්පා නමැති 32 හැවිරිදි පුද්ගලයකු සහ ප්‍රදේශයේ කතුන් කිහිප දෙනකු බව පොලිසිය කීය. සැකකරු අධිකරණය පැහැර හරිමින් වරෙන්තු දෙකක් මත සිටින අයකු බවත්, සැකකරු දිවා කාලයේ කුලියට පොල් කඩන මුවාවෙන් ගොස් නිවෙස් හිමියන් නොමැති අතරේ ‍ෙදාර ජනෙල් කඩා ඇතුළු වී භාණ්ඩ සොරකම් කර ඇති බවත් පොලිසිය කීය.

සැකකරු සොරකම් කරන ලද ගෑස් සිලින්ඩර, විදුලි උදුන්, ටෝස්ටර්, ඩී.වී.ආර්. රයිස් කුකර්, කේක් බීටර්, විදුලි පන්දම් සහ පිඟන් භාණ්ඩ රැසක්  සොයාගෙන ඇති අතර, ඔහු සොරකම් කළ භාණ්ඩ ඉතා අඩු මිලට මිලදී ගත් කාන්තාවන් තිදෙනකු හොර බඩු සන්තකයේ තබා ගැනීම යටතේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.

සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රාජිත ගුරුසිංහ, සැරයන් බී.ඒ. මනෝජ් (5775), කොස්තාපල්වරුන් වන පතිරණ (91585) සහ තිලකරත්න (94014) වැටලීමට එක් වූහ.

පෙතුපිටිය – සුමිත රණවක