පොල්ගෙඩි ලක්ෂ 40කට වගකියන වඳුරන්-දඬුලේනුන්

0
29

මෙරට පොල් පලදාවෙන් වාර්ෂිකව ගෙඩි මිලියන 3-4 අතර සංඛ්‍යාවක් වඳුරන්, රිළවුන් හා දඬු ලේනුන් විසින් කා දමන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

පොල් ඇට්ටි, කුරුම්බා හා පැසුණු පොල් ද මෙම සත්ත්වයන් විසින් විනාශ කරනු ලබන බවත් එසේ හානි සිදුවන ප්‍රමාණය වාර්ෂිකව වැඩිවෙමින් පවතින්නේ මෙම සතුන්ගේ ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින නිසා බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරියෙක් ‘මව්බිම’ට පැවැසීය.

ශ්‍රී  ලංකාවේ වාර්ෂික පොල් පලදාව ආසන්න වශයෙන් ගෙඩි මිලියන 2800 _ 3000ත් අතර සංඛ්‍යාවක් වන බව ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයෙන් කළ විමසීමකදී එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය නයනි ආරච්චිගේ පැවැසුවාය. රත්නපුර, ගාල්ල, මාතර, කෑගල්ල, පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්කයන්හි පොල් වගාවට සත්ත්ව හානිය වඩාත් බලපාමින් ඇතැයිද ඇය කියා සිටියාය.

විනීතා එම්. ගමගේ