ඩයස්පෝරා කාර්යාලයක් ලංකාවේ  පිහිටුවන්න ජනපති තීරණය කරයි

0
51

ශ්‍රී  ලංකාවේ ඩයස්පෝරා කාර්යාලයක් පිහිටුවීමට තීරණය කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙරේදා (16දා) කොළඹදී ප්‍රකාශ කළේය. ඩයස්පෝරාවේ ගැටලු හා අපේක්ෂා කවරේද යන්න සොයා බැලීම සඳහා මෙම කාර්යාලය පිහිටුවීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා කීය. “ඔවුන් ශක්තිමත්, ආයෝජන මූලාශ්‍රයක් බවත්, ඔවුන් දෙස අප බැලිය යුතු” බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී ඉකුත් 16දා පැවැති “විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනය සංවිධානය කළ 2022 සම්මාන උළෙල” අමතමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා කියා සිටියේ ජනවර්ග අතර ගැටලු විසඳිය යුතු බවත් 2009දී යුද්ධය අවසන් කළ බැවින් යළි යුද්ධ නොකළ යුතු බවත්ය.

විනීතා එම්. ගමගේ