‘ඌව රන් හටන’ වාර්ෂික ක්‍රිකට් තරගය අද සහ හෙට සූරියවැවදී

0
26

‘ඌව රන් හටන’ ලෙස විරුදාවලිය ලත් බණ්ඩාරවෙල ශා.ජෝශප් විදුහල හා බණ්ඩාරවෙල මධ්‍ය විදුහල අතර පැවැත්වෙන 17 වැනි වාර්ෂික ක්‍රිකට් තරගය අද (18දා) සහ හෙට (19දා) සූරියවැව මහින්ද රාජපක්‍ෂ පිටියේදී පැවැත්වීමට නියමිතය.

මෙවර ශා.ජෝශප් විදුහල්  පිල උත්පල ලංකාතිලකගේ නායකත්වයෙන් පිටියට පිවිසෙන අතර, බණ්ඩාරවෙල මධ්‍ය විදුහලේ නායකත්වය හොඹවන්නේ සදිත් ප්‍රභාත් රත්නායක විසිනි. එදා මෙදා තුර පැවැති වාර්ෂික තරග 16කදී ශා.ජෝශප් පිල අවස්ථා තුනකදීත්, බණ්ඩාරවෙල මධ්‍ය විදුහල අවස්ථා දෙකකදීත් ජයග්‍රහණය හිමිකරගෙන ඇත.

ශා.ජෝශප් කණ්ඩායම _

ඉදිරිපෙළ වමේ සිට – උත්පල ලංකාතිලක (නායක), ජී. නාලන්ද (සහාය පුහුණුකරු), ආර්.බී. දුලින්ද අබේලංකා (ක්‍රීඩා පරිපාලක), ලක්සිරි  ජයන්ත (විදුහල්පති), කපිල වීරසේකර (ක්‍රීඩා භාර ආචාර්ය), චන්දන බණ්ඩාර (පුහුණුකරු) යසිරු රුවන්ත (උපනායක)

පසුපෙළ වමේ සිට- ඩී.එම්. නිශාන් ප්‍රමෝද්, ඒ.ජී. සරිත් මාලින්ද, ටී.එම්. සචින් ඩිලංක, ඩබ්ලිව්. ඩී. අශාන් රවිඳු, එම්.එෆ්.එම්. ශහීඩ්, කේ. සහන් හංසක, ඒ.එම්.ඩී. සසිත ප්‍රභාත්, අකිල සෞම්‍ය, ඩී.එම්. සිතිජ චමිඳු, ආර්.එම්. තරුෂ නිර්මාල්, එන්.ඒ. තේමිය ශෙහෙරාන්, ඊ.එම්. හේසර දුලාජ්, කේ.එච්.එම්. ඕෂධ, දේවින්ද, එල්.එම්. දිලක්‍ෂණ උමේෂ්

බණ්ඩාරවෙල මධ්‍ය විදුහල _

 ඉදිරිපෙල _ ආර්.එම්. සදිත් ප්‍රභාත් (නායක), වයි.එම්. අමිත් චතුරංග (ක්‍රීඩා භාර ආචාර්ය), ජී.ඩී. සරත් බන්දු ගුණසේකර (විදුහල්පති), ආර්.එම්. ශාන්ත බණ්ඩාර (ක්‍රීඩා පරිපාලක), ඒ.ජී. අනුෂ ද සිල්වා (පුහුණුකරු), ඩබ්ලිව්. එම්. දුලාර ජයරුවන් (උප නායක)

පසුපෙළ වමේ සිට _ ඩබ්ලිව්. ඩී. ශානක ධනංජය, ඩී.ජී.සචින්ත, එම්.ඩී. විරාජ් බුද්ධික, ඩබ්ලිව්. එම්. උදිත භාග්‍ය, පී.කේ.ගිම්හාන්, ඒ.ඒ. රජිත් උදාර, එම්.ඒ.පසංග, ඩී.එම්.පමුදු සචින්ත, චතුම් විජේසුන්දර, කළණ රත්නායක, යසිත හේෂාන්, ඒෂාන් ලියනගේ, චනුල් ගුණසේකර, රොසරා තම්මිට