අපරාධ කොට්ඨාසයේ හිටපු P.C. කුඩුත් එක්ක අහුවෙලා

0
27

කොළඹ අපරාධ කොට්ඨාසයේ කලක් සේවය කළ හිටපු පොලිස් කොස්තාපල්වරයකු හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ පෙරේදා (16)දා පස්වරුවේ පානදුර  මෝදරවවිල ප්‍රදේශයේදී පානදුර දකුණ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

පානදුර, මෝදරවිල මහල්නිවාස ආසන්නයේ සැක කටයුතු අන්දමින් ගමන් කරමින් සිටි සැකකරුව පරීක්ෂා කිරීමේදී සන්තකයේ තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 200ක් සොයාගෙන අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කිරීමේදී ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කර සේවය අතහැර ගොස් සිටින අයකු බවට හඳුනාගෙන ඇත.

සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

පානදුර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.  

පොතුපිටිය – සුමිත් රණවක