උදයංග වීරතුංග CIDයට පැමිණි හේතුව

0
408

රුසියාවේ හිටපු තානාපතිවරයෙකු වන උදයංග වීරතුංග අද (අගෝ. 17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ගුවන් හමුදාවට මිග් යානා මිල දී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 7ක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ, යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම ඔහු මෙලෙස පැමිණ ඇත.

මෙම සිද්ධියට අදාළ නඩුව පසුගිය 12 වන දා කැඳවූ අවස්ථාවේ අධිකරණ නියෝග කළේ, වීරතුංග මහතාට ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දෙන ලෙස ය.