නැති වූ ලක්‍ෂ 22ක මුද්ද ඇමති දියණියකගේ නොවෙයි

4
2646

රුපියල් ලක්ෂ විසි දෙකක් වටිනා මුද්දක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකු විසින් කිරින්ද පොලිසියට පැමිණිලි කළ නමුත් ප්‍රබල ඇමතිවරයෙකුගේ දියණියකට සම්බන්ධ මුද්දක් පිළිබඳ කිසිදු පැමිණිල්ලක් නොලද බව ත් කිරින්ද පොලිස් ස්ථානයේ වැඩබලන පොලිස් ස්ථානාධිපති ජනකප්‍රිය පවසයි.

වැඩබලන ස්ථානාධිපතිවරයාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු පැවසුවේ, පසුගිය දා කිරින්ද පොලිසියට එසේ ව්‍යාපාරිකයෙකුගෙන් පැමිණිල්ලක් ලැබුණු නමුත් එය දේශපාලනඥයෙකුට සම්බන්ධ කාරණයක් නොවන බව ය.

ප්‍රබල ඇමතිවරයෙකුගේ දියණියකට අයත් රුපියල් ලක්ෂ 25ක් වටිනා මැණික් ගල් ඇල්ලූ මුද්දක් මේසන් බාස්වරයෙකු සොරා ගත් බවට කිරින්ද පොලිසියට පැමිණිල්ලක් ලැබුණු බව ත් ඊට අදාළව පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ත් පසුගිය දා මාධ්‍ය හා වෙබ් අඩවිවල සඳහන් විය.

ඒ පිළිබඳව මාධ්‍ය කළ විමසීමකදී කිරින්ද වැඩබලන ස්ථානාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.

4 COMMENTS

Comments are closed.