S & P Global ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලංකාව තවත් පහළට

0
18

ගෝලීය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන S & P Global සමාගම ශ්‍රී ලංකාවේ බැ¾දුම්කරවල ශ්‍රේණිගත කිරීම ච් දක්වා පහත දැමූ බව රොයිටර්ස් පුවත් සේවය පසුගියදා වාර්තා කළේය. D ශ්‍රේණි ගත කිරීමෙන් අදහස් කරන්නේ ශ්‍රී ලංකාව බැ¾දුම්කර සඳහා මුදල සහ පොලිය ගෙවීම පැහැර හරින බවයි.

මෙම වසර මුලදී බැ¾දුම්කර සඳහා ගෙවීම් පැහැර හරින ලද ශ්‍රී ලංකාව පෞද්ගලික ණය හිමියන්ගෙන් මේ දක්වා ඇමරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 12ක මුදලක් ණයට ගෙන තිබෙන බව රොයිටර්ස් පුවත් සේවය පෙන්වා දුන්නේය. S & P Global සමාගම බැ¾දුම්කර සඳහා ලබා දෙන පහළම ශ්‍රේණිය D වේ.

ආයෝජකයන්ගේ අවධානය දිනා ගැනීමට ඉහළ පොලී අනුපාතයක් පිරිනමනු ලැබූවත් D ශ්‍රේණියේ බැ¾දුම්කර ඉහළ අවදානමක් සහිත ආයෝජන කලාපයට අයිති වේ. D ශ්‍රේණියේ බැ¾දුම්කරවල ඉහළ අවදානමක් තිබීම හේතුවෙන් එහි ආයෝජනය කිරීමට ඇතැම් ආයෝජකයන් අකැමැත්තක් දක්වයි.

තවදුරටත් ඔවුන් පවසා සිටියේ, ඇතැම් විදේශ මුදල් බැඳීම් පැහැර හරිමින් සිටින ශ්‍රී ලංකා රජය ඔවුන්ගේ නියමිත දිනට පසු දින  30ක් ඇතුළත බැ¾දුම්කර සඳහා ගෙවීම් සිදු කරනු ඇතැයි අපේක්ෂා නොකරන බවයි. මෙම තත්ත්වය රටේ ආර්ථිකයට දැඩිව බලපෑම් සිදුවිය හැකි බව විශේලේෂකයන් පෙන්වා දෙයි.

නුවන් බඹරැන්දගේ