ALERT: උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටීමට නොහැකි වූ සිසුන්ට දැනුම් දීමක්

0
187

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 (2022) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණවලට සහභාගි වීමට නොහැකි වූ අපේක්ෂකයින් සඳහා නැවත එම පරීක්ෂණ පැවැත්වීමේ කාල සටහන ප්‍රකාශයට පත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊට අදාළ ප්‍රවේශ පත්‍ර මේ වන විට අපේක්ෂකයින් වෙත තැපැල් මගින් යොමු කර ඇති බව ය.

ඒ සම්බන්ධයෙන් යම් විමසීමක් සිදු කිරීමට ඇත්නම් 0112784208 / 0112784537 / 0112786616 යන දුරකතන අංකවලට හෝ 0112784422 යන ෆැක්ස් අංකයට ෆැක්ස් පතක් යොමු කිරීමෙන් තොරතුරු ලබා ගත හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

එමෙන් ම ‘විභාග කොමසාරිස් ජනරාල්, පාසල් විභාග සංවිධාන ශාඛාව, තැ.පෙ. 1503, කොළඹ’ යන ලිපිනයට ලිපියක් යොමු කිරීම මගින් ද විභාග අපේක්ෂකයින්ට තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

ප්‍රායෝගික පරීක්ෂණ පැවැත් වෙන දින, වේලා සහ ස්ථාන පහතින් දැක්වේ.