DFCC බැංකුව රටට අත්වැලක් වශයෙන් විදේශ මුදල් ප්‍රේෂණ ආකර්ෂණය කරගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවයි

0
19

රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආර්ථිකය නැවත ගොඩනැංවීමට සවිමත් අත්වැලක් සැපයීම සඳහා විදේශ මුදල් ප්‍රේෂණ ආකර්ෂණය කරගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. මේ යටතේ විදේශ රටක සිට DFCC බැංකුවේ ගිණුමකට බැර කරන සියලු පෞද්ගලික අභ්‍යන්තර මුදල් ප්‍රේෂණ සඳහා ඇමරිකානු ඩොලරයකට රුපියල් 1ක අමතර මුදලක් ලබාදීමට කටයුතු යොදා ඇත.

මෙය ලබාදෙනුයේ ශ්‍රී ලංකා මහ බැංකුව හ¾දුන්වා දී ඇති, ඇමරිකානු ඩොලර් 1කට රු. 2ක අතිරේක මුදලක් ලබාදෙන දිරි දීමනා ක්‍රමයට අමතරවය. මෙම අතිරේක ප්‍රතිලාභය, විදේශ සේවා නියුක්තිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ට, මේ දුෂ්කර කාලසීමාවේදී අත්වැලක් වනු ඇතැයි DFCC බැංකුව විශ්වාස කරයි. මෙම දිරි දීමනාවල එය එවන්නාගේ අභිමතය පරිදි DFCC බැංකු ගිණුමට ගෙවනු ලබන අතර, ඇමරිකානු ඩොලර් සඳහා පමණක් නොව සියලුම ප්‍රධාන විදේශ මුදල් සඳහා මෙය අදාළ වේ.

“මෙය ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක මොහොතක්. මෙම අවස්ථාවේදී වගකීම් සහගත බලපත්‍රලාභී වාණිජ බැංකුවක් ලෙස අපගේ ප්‍රමුඛතාව වන්නේ විධිමත් ලෙස බැංකු පද්ධතිය හරහා රට තුළට ගලා එන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය වැඩිකර ගැනීමයි. ශ්‍රී ලංකාවට මුදල් එවීමේ වඩාත්ම ආරක්ෂිත, විනිවිද භාවයෙන් යුත් සහ නීත්‍යනුකූල ක්‍රමය මෙයයි. ඇත්ත වශයෙන්ම, එසේ කිරීමෙන් මුදල් ප්‍රේෂණ සිදුකරන්නන්ට සහ මුදල් ලබන්නන්ට බදු සහ මූල්‍ය ප්‍රතිලාභ රාශියක් භුක්ති විඳීමට හැකිවෙනවා.

බැංකු පද්ධතිය හරහා මෙරටට මුදල් එවන පුද්ගලයන්ට ලැබෙන ප්‍රතිලාභ තවදුරටත් වැඩි කිරීමට ශ්‍රී ලංකා රජය මේ වනවිට කටයුතු කරමින් සිටින අතර, ඊට අපගේ පූර්ණ සහයෝගය අප ලබාදෙනවා.” DFCC  බැංකුවේ ජේ‍යෂ්ඨ උප සභාපති (අන්තර්ජාතික බැංකු කටයුතු, විදේශ මුදල් ප්‍රේෂණ සහ ව්‍යාපාර සංවර්ධන) ඇන්ටන් ආරුමුගම් මහතා පැවැසීය.