තනිව ජීවත් වූ කතකගේ ගෙළ සිර කර ඝාතනය කරලා

0
575

කටුගස්තොට, උගුරැස්සපිටිය ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ කාන්තාවකගේ ගෙළ සිර කර ඝාතනය කර තිබේ.

පොලිසිය සඳහන් කළේ, කාන්තාවගේ අත් පා බැඳ දමා මුඛයට රෙදි කැබැල්ලක් දමා ගෙළා සිර කර ඇති බව ය.

මරණකාරිය වයස අවුරුදු 76ක් වූ කටුගස්තොට, උගුරැස්සපිටිය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

ඇය පැළඳ සිටි රු 32,500ක් වටිනා රන් මාලය ද සැකකරුවන් සොරකම් කර ගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පැවසීය.

මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කටුගස්තොට පොලිසිය විමර්ශන සිදු කරයි.